ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමූ ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල වහාම ක්‍රියාත්මක වන පරිදි රුපියල් 5.00 කින් පහළ දමා තිබේ.

තිරිඟු පිටි
කිලෝවක මිල රුපියල් 8කින් අඩු කිරීම නිසා පාන් ගෙඩියක මිල රුපියල් 5කින් පහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

රුපියල් 8කින් තිරිඟු පිටි කිලෝවක මිල ඉහළ දැමීම නිසා ඊයේ (20දා) මධ්‍යම රාත්‍රී 12 සිට පාන් ගෙඩියක මිල රුපියල් 5කින් ඉහළ දැමීමට බේකරි හිමියන් කටයුතු කරනු ලැබිණි.

එහෙත් මේ වනවිට තිරිඟු පිටි සමාගම ඉහළ දැමූ රුපියල් 8ක මුදල ඉවත් කර ගැනීම නිසා පාන් මිල අද (21) උදේ සිට නැවත පහළ දැමීමට තීරණය කර ඇත.