කොකේන් ගුලි තොගයක් ගිල දමා ශ්‍රී ලංකාවට පැමිණි කෙන්යානු ජාතික කාන්තාවකගේ ආමාශය තුළ තිබූ එම ගුලි කිහිපයක් පුපුරා යෑමෙන් අසාධ්‍ය තත්ත්වයට පත්ව එම කාත්තාව ඊයේ (20දා) දහවල් මීගමුළු දිස්ත්‍රික් මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බව රෝහල් ප්‍රකාශයකු පැවසීය.

මෙම කාන්තාව ගිල දමා
සිටි බව කියන කොකේන් ගුලි පිටතට ගැනීම සඳහා පසුගිය 17දා ඇය මීගමුව මහ රෝහල වෙත ඇතුළත් කර සිටියේ කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුවය.

තිස් පස් හැවිරිදි මෙම කෙන්යානු ජාතික කාන්තාව නයිරෝබි සිට ඉතියෝපියාවේ අඩිස් අබාබා වෙත පැමිණ කොකේන් තොගය මිලදීගෙන ඒවා මෙසේ ගිල දමා කටාර් රාජ්‍යයේ දෝහා හරහා කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.

කොකේන් ගුලි 30ක් ඇගේ ගමන් මල්ලේ තිබී සොයා ගැනීමෙන් අනතුරුව ඇය පොලිස් මන්ද්‍රව්‍ය කාර්යාංශ නිලධාරින්ගේ අත්අඩංගුවට පත්විය.

මම කාන්තාව කොකේන් ගුලි 10ක් පමණ ගිල දමා ඇති බව ස්කෑන් පරීක්ෂණවලදී අනාවරණය කරගත් අතර පසුව රෝහල් ගතකර සිදුකළ පරීක්ෂණවලදී ගුලි 20ක් ඉවතට ගැනීමට හැකිවී තිබිණි.

කාන්තාවගේ ආමාශයේ තවත් කොකේන්නේ ගුලි 50ක් පමණ ඇති බවට හෙලිවී ඇති අතර, ඉන් කිහිපයක් පුපුරා යාමෙන් අසාධ්‍ය වූ කාන්තාව මෙසේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ප්‍රතිකාර ලබාදෙමින් පසුවන බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

කටුනායක - ටී.කේ.ජී. කපිල/මීරිගම- කාන්ති/ඇල -ප්‍රසංග පෙරේරා