ජනතාව ලබාදුන් ජනවරමෙන් 19 වැනි ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු බවත්, විධායක ජනාධිපතිට ධුරය තවදුරටත් පැවතිය යුතු බවත් යුතුකම ජාතික සංවිධානය පවසයි.

ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා මෙරට පවතින්න ක්‍රමය වෙනස් කළ යුතු අතර, එය වැඩිම මනාප ලබාගන්නා මෙන්න වැඩිම ආසන සංඛ්‍යාවක් ජයග්‍රහණය කළ පුද්ගලයාට ජනපති ධූරය හිමිවන පරිදි ව්‍යවස්ථා සංශෝධනයක් විය යුතු බවත් එම සංවිධානය සඳහන් කරයි.

ජන අනුපාතය හා භූමි සංයුතිය නොසලකා හරිමින් උතුරට ලබාදී ඇති මැතිවරණ කොට්ඨාසය අහෝසි කළ යුතු යැයි එම සංවිධානයේ සභාපති ගවිඳු කුමාරතුංග මහතා පැවසීය.

මාධ්‍ය හමුවක් කැඳවමින් ඒ මහතා ඊයේ (24දා) දිනයේදී මේ බව පවසා සිටි අතර, එහිදී වැඩිදුරටත් සිය අදහස් දක්වමින් පවසා සිටියේ.
"ගෝඨාභය රාජපක්‍ෂ මහතායිගේ ජයග්‍රහණය අපි මූලික කරුණු 4ක් යටතේ දකිනවා. 2015 සිට මේ පැවැති රජය මේ රටට එරහිව ගනිමින් තිබූ ක්‍රියාමාර්ග පරාජය කිරීම සඳහා ලබාදුන් ජනවරමක් ලෙස, රට පාවාදීමට එරෙහිව හා ඒකීය රටක් කිරීමට මේ රටේ ජනතාව ලබා දුන් ඡන්දයක්.

80 දශකයේ ඉදන් මේ රටේ නායකයන් රටේ ජීවත් වන සුළු ජනකොටස්වලට කප්පම් දෙමින් සිටියේ. ප්‍රධාන දේශපාලන පක්‍ෂ ප්‍රසිද්ධියේ කියන්න පටන් ගත්තා මේ රටේ සුළු ජාතීන්ගේ ඡන්ද නැතුව දිනත්න බෑ කියලා.

නමුත් මේ රටේ බහුතර ජනතාව පෙන්නුවා එහෙම නැතුව මේක දිනන්න පුළුවන් බව. කප්පම්දීමේ දේශපාලනය ජනතාව ප්‍රතිෂ්ප කළා. රටට අවශ්‍ය ආරක්ෂක රාජ්‍ය ව්‍යුහය ගොඩනගන්න මේ රටේ ජනතාව ජනවරම ලබාදුන්නා.

අනික් දේ හෝඨාභය රාජපක්ෂ මහතාගේ හා මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය. ජනතාව එය පිළිගත්තා. ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරලා ජනතාවට සහන සලසනවා වගේම තව කරන්න දේවල් තියනවා.

එෆ්.සී.අයි.ඩී. එක අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නිල වශයෙන් සියලු ලිපිගොනු භාරදීලා එම ආයතනය වසා දැමිය යුතුයි. එය හුදු දේශපාලකයන්ගේ උවමනාවට ගෙනිච්ච ආයතනයක්. අපි කියන්නේ නෑ වැරදිකරුවන්ට දඩුවම් දෙන්න එපා කියලා. මහ බැංකු හොරුන්ට දඬුවම් කළ යුතුයි.

ඒ වගේම 19 වැනි ව්‍යවස්ථාව අනිවාර්යයෙන්ම  ශෝධනය විය යුතුයි. විධායක ජනාධිපති ක්‍රමය තවදුරටත් පවත්වාගෙන යා යුතුයි. ඔහුව තෝරාගැනීමේ ක්‍රමවේදය තවදුරත් ප්‍රජාතන්ත්‍රවාදී විය යුතුයි. රටේ ජනාධිපතිවරයා තෝරාගැනීමට මහජනයා වගේම රටේ භුමියත් සැලකිල්ලට ගන්නා ක්‍රමයක් අවශ්‍යයි.

දැන් තියෙන්නේ වැඩිම ඡන්ද ගන්නා පුද්ගලයා ජනාධිපති වන ක්‍රමයක්. වැඩිම ඡන්ද ප්‍රමාණයක් වගේම වැඩිම ආසන සංඛ්‍යාවක් දිනාගන්නා පුද්ගලයා ජනාධිපතිවරයා බවට පත්වන ක්‍රම වේදයක් සැකසිය යුතුයි. මැතිවරණ කොට්ඨාසයක් ලබාදීමට ජන අනුපාතය වගේම භූමියේ සංයුතිය. සලකා බලනවා, නමුත් මෙය නොසලකා හරිමින් උතුරට මැතිවරණ කොට්ඨාසයක් ලබාදී තිබනවා. මෙය රටට හා ජනතාවට කරන අසාධාරණයක්. අපි ඉල්ලා සිටිනවා උතුරට විශේෂයක් කරන්න එපා කියලා” යනුවෙනි.

නවෝද්‍යා  පවනි