[Trending][btop]
[News][stack]

බැසිල්ගේ විදෙස් ගමන් තහනමත් ඉවතට

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට පනවා තිබූ විදෙස් ගමන් තහනම තාවකාලිකව අවලංගු කිරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා.

2015 ජනාධිපතිවරණ සමයේදී
දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් එක්කෝටි අනූ හතර ලක්ෂයක මුදලක් වැය කර මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත ලිත් මුද්‍රණය කර ඛෙදාහැරීම සම්බන්ධයෙන් වන නඩුවට අදාලවයි මීට පෙර බැසිල් රාජපක්ෂ මහතාට විදෙස් ගමන් තහනමක් පණවා තිබුණේ.

මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා හමුවේ අද යලි කැඳවනු ලැබුවා.

එහිදී බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ඔහුගේ නීතීඥයන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ වෛද්‍ය ප්‍රතිකාර ගැනීම වෙනුවෙන් විදෙස් ගතවීමට තම සේවාදායකයාට අවසර දෙන ලෙසයි.

ඒ අනුව වෛද්‍ය ප්‍රතිකාර ගැනීම වෙනුවෙන් ලබන දෙසැම්බර් 5 වනදා සිට මාර්තු 7 වනදා දක්වා කාලය තුල බැසිල් රාජපක්ෂ මහතාට විදෙස් ගතවීමට මහාධිකරණ විනිසුරුවරයා අවසර ලබාදී ඇත

මෙම නඩුව ලබන වසරේ මාර්තු 30 වනදා යළි කැඳවීමට නියමිතයි.