ජනාධිපති ආරක්‍ෂක අංශයේ නිලධාරින් අඩුකිරිමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ගෙන ඇති තීරණයට
අනුව දිම අංශයේ
පොලිස් නිලධාරින් 200ක් පොලිසියේ වෙනත් අංශවලට අනුයුක්ත කිරිමට වැඩබලන පොලිස්පතිවරයා පියවර ගෙන ඇත.

තමන් රාජකාරි කිරීමට කැමැනි කොට්ඨාස දෙකක් නම් කිරීමට පොලිස්පතිවරයා මේම නිලධාරීන්ට අවසර දී ඇත.මෙම නිලධාරීන් 900 දෙනා වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කරන ලෙස පොලිස්පතිවරයා පෙරේදා (24) නියෝග කර ඇති බවත් පසුව එදිනම එම නියෝගය ඉවත් කර ගමන් ස්ථාන මාරු ලැබීමට කැමැති කොට්ඨාස දෙකක් නම් කිරීමට පොලිස්පතිවරයා ඔවුන්ට අවසර දී ඇති බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.
මෙසේ මාරු කිරිමට නියමිත පිරිසට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් දෙදෙනකු. පොලිස් අධිකාරීවරුන් සිවුදෙනකු සහකෲර පොලිස් අධිකාරිවරුන් පස්දෙනකු සහ ප්‍රධාන පොලිස් පරික්ෂකවරුන් 07 දෙනකු ද ඇතුලත් වන බව පොලිස් ආරංචි මාර්ග පවසයි.