කොළඹ දිස්ත්‍රික්කයේ මැතිවරණ රාජකාරිවල නිරත නිලධාරීන් පිරිසකට අද නොසිතූ අත්දැකීමකට මුහුණදීමට සිදුවුණා.

කොළඹ රාජකීය විද්‍යාලයේ
ජනාධිපතිවරණ රාජකාරිවල නිරතව සිටි නිලධාරීන් පිරිසකට අද දහවල් ලබාදුන් ආහාර විෂ වී තිබෙනවා. ඒ හේතුවෙන් විවිධ ආසාධනවලට ලක්වූ නිලධාරීන්ට කොළඹ ජාතික රෝහලෙන් ප්‍රතිකාර ලබාදීමට ද සිදුවුණා. එසේ ආසාධනවලට ලක්වූ නිලධාරීන් 54 දෙනෙකුට ප්‍රතිකාර ලබාදීම සිදුකෙරුණා.

මේ අතර අද පස්වරුවේ කොළඹ රාජකීය විද්‍යාලයට පැමිණි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා එම සිද්ධිය පිළිබඳ සොයා බැලුවා. එමෙන්ම පොලිස් නිලධාරීන් ද පැමිණ විමර්ශන කටයුතු ආරම්භ කළා.