නිල ඡන්ද පත්‍රිකාවට සමාන ව්‍යාජ ඡන්ද පත්‍රිකා 58 ක්, ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරිමට හම්බන්තොට සුචී ජාතික පාසලට
පැමිණි වෑන් රථයක
තිබී සොයාගෙන තිබෙhs. එම වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බව හම්බන්තොට මූලස්ථාන පොලිසිය සඳහන් කළේය.

අදාළ ව්‍යාජ ඡන්ද පත්‍රිකාවේ කිසිම සලකුණක් ලකුණු කර නොමැති අතර පත්‍රිකාවට යටින් ඡන්ද දායකයින් දැනුවත් කිරීම සඳහා පමණක් යනුවෙන් සඳහන් කර තිබූ බව ද පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් රියදුරු තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම වෑන් රථය පසුගිය දිනවල මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් කුලී පදනම මත ලබා දී තිබූ වෑන් රථයක් බව ද සැකකාර රියදුරු පොලිසිය හමුවේ ප්‍රකාශ කර තිබෙයි. සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට මූලස්ථාන පොලිසිය මගින් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

සනත් ගමගේ / රාහුල් සමන්ත