කොළඹ හා අවට ප්‍රදේශවලින් ත්‍රිරෝද රථ සොරගෙන ඒවායේ එන්ජින් අංක හා චැසි අංක ව්‍යාජ ලෙස කොටා පුද්ගලයන්ට අලවි කිරිම් ජාවාරමක නිරත බව කියන සිවුදෙනකු ඊයේ (14) ගනේමුල්ල තිබ්බටුවාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.

සොරාගෙන ගොස් අලෙවි කර තිබූ ත්‍රිරෝද රථ 17 ක් පොලිසිය විසින් සොයාගෙන ඇති අතර, තිබ්බටුවාව ප්‍රදේශයේ ගරාජ හිමියකු විසින් තරුණයන් යොදවා මෙලෙස ත්‍රිරෝද රථ සොරාගෙන ඒනං වෙනත් පුද්ගලයන්ට අලෙවි කර ඇති බවද පොලිසිය කියයි.

සේදවත්ත සිරිපාල පින්තු නිවාස හි පදිංචි පුද්ගලයකු නිවාස ඉදිරිපිට නවතා තිබු ත්‍රිරෝද රථයක් කිසියම් පිරිසක් විසින් සොයාගෙන ඇති බවට ග්‍රෑන්ඩ්පාස් පොලිසියට ඉකුත් 12 වැනිදා ලැබුණු පැමිණිල්ලක් අනුව පොලිසිය විසින් පරික්ෂන පවත්වා සැකකරු අත්අඩංගුවට ගනු ලැබූහ.

එම පැමිණිල්ල අනුව පොලිසිය සී සී ටී වී කැමරා දර්ශන අනුව පරික්ෂණ පවත්වා සැකකටයුතු ක්‍රිරෝද රථයක් හදුනාගෙන ඇති අතර එය ගමන්මුල්ල තිබ්බටුවාව ප්‍රදේශයේ කාන්තාවකට අයත් එකක් බවට හදුනාගෙන ඇත.

පොලිසිය එම කාන්තාවන්ගෙන් ප්‍රශ්න කිරිම්මේදී එම ත්‍රිරෝද රථය ඇගේ පුතා විසින් පදවන බවට හෙළි කරගෙන ඇති අතර ඇගේ පුතාගෙන් ප්‍රශ්න කිරි දි මෙම සියලු තොරතුරු අතර ඇගේ පුතාගෙන් ප්‍රශ්න කිරිමේ දී මෙම සියලු තොරතුරු හෙළි කරගෙන ඇත.

ත්‍රිරෝද රථ හිමිකාරියගේ පුතා එම ත්‍රිරෝද රථයෙන් තවත් දෙදෙනකු සමග එක්වී කොළඹ හා තදාසන්න ප්‍රදේශවල නවනා ඇති ත්‍රිරෝද රථ සොරාගන්නා බවත් පසුව එක් ත්‍රිරෝද රථයක් රුපියල් 20,000 ක මුදලකට ඉහත ගරාජකරුට අලෙවි කරන බවට තොරතුරු අනාවරණය වූ බවද පොලිසිය පවසයි.

ගරාජකරු එම ත්‍රිරෝද රථවල එන්ජින් අංක හා චැසි අංක ව්‍යාජ ලෙස කොටා එම අංක ඇතුළත් කර පොත් ද සකස් කර අලෙවි කරන බවද පොලිසිය පවසයි.

ප්‍රධාන සැකකරුට මේ සදහා ඇතැම් කල්බදු සමාගම්වල හා වාහන රැගෙන යන සිසරීවරුන්ගේ ද සහාය ලැබෙන බවට සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේ
දී හෙළිවී ඇත.

ඇතැම් කල්බදු සමාගම්වල ඇති පැරැණි ත්‍රිරෝද රථවල අංක ඔවුන් ගරාජ් හිමිකරු වෙත ලබාදෙන බවක් හිමිකරු එම අංක ත්‍රිරෝද රථවල සටහන් කරන බවද පොලිසිය පවසයි.

මෙම ත්‍රිරෝද රථ 17 ට අමතරව කොටස් කර තිබු  ත්‍රිරෝද රථ එන්ජින් හතරක්. බඳ කොටස් 4 ක්, යතුරු පැදි 4 ක් ද පොලිසිය බාරයට ගෙන ඇත.

ගෑන්ඞ්පාස් පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක නලීන් ජයසුන්දර මහතාගේ උපදෙස් මත, අපරාධ විමර්ෂන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්සක මොහාන් ද සිල්වා මහනාගේ මෙහෙයවීමෙන්, කොස්තාපල්වරුන් වන ගැමිණි (50724), රුවන්ජීව (70234). පෙරේරා (71882). සඳරුවන් (12334). ඇතුළු නිලධාරිහු පරික්ෂණ පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගත්හ.

සැකකරුවන් අද (14) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.