https://www.gossiplankanews.com/2019/11/15-ranil-gotabaya-discussion.html
ග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (19) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේදී මුණගැසි ඉදිරියේදී සිදු කළ යුතු දේශපාලන බලහුවමාරුව පිළිබද අවසන් තීන්දු ලබාගෙන ඇතැයි වාර්තාවේ.
ඒ අනුව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා දිර්ඝ ලෙස පාර්ලිමේන්තුවේ
ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ජා කොට ඇත.ගෝඨාභය රාජපක්ෂ ජනපතිවරයාට තමන්ගේ කණ්ඩායමක් සමග වැඩ කිරීමේ අවශ්‍යතාවය මතුව ඇති හෙයින් පවතින නීති රාමුව තුළ එය කරන්නේ කෙසේද යන්න සාකච්ඡාවී ඇත.

අලුත් ආණ්ඩුවක් තනාගන්නට පාර්ලිමේන්තුව විසුරවීම කළයුතු අතර ඒ සදහා ජනපතිවරයාට ලබන මාර්තු මාසය තෙක් බලතල නැත. රනිල් ඇතුළු එජාප කණ්ඩායමේ සහායෙන් 2/3 ක බහුතරයේ කැමැත්ත මත එය සිදු කළ හැකිය. රනිල් ඊට කැමැති නමුත් පාර්ලිමේන්තුවේ

අලුත් මන්ත්‍රීවරුන් 40 කට වැඩි පිරිසකට නියමිත වර්ෂ ගණන අසම්පූර්ණවීම මත විශ්‍රාම වැටුප නොලැබී යාමට ඉඩක් පවතින නිසා මෙම තීරණය ඔවුන් ගැන සිතා මෙම අවස්ථාවේ නොගෙන සිටීමට රනිල් හා ගෝඨාභය දෙදෙනාම මෙම සාකච්ඡාවේදී එකඟවී තිබේ.

පාර්ලිමේන්තුවේ ආයු කාලය ලබන මාර්තු මාසය තෙක් පවතින අතර ඊට පෙර පාර්ලිමේන්තුව විසුරුවා නොහැර පවතින රාමුව තුළ ගෝඨාභය ජනපතිවරයාට ආණ්ඩුව ගෙනයාමට අවශ්‍ය පහසුකම් සලසා දීමට අගමැති රනිල් එකඟවී ඇත. ඒ අනුව ගෝඨාභයට සිය හිතවාදීන් සමග කැබිනට්ටුවක් තනන්නට ඉඩ සලසා අගමැති රනිල් හෙට (20) ඉල්ලා අස්වන බව පවසා තිබේ.  කැබිනට් මණ්ඩලයද ඒ සමග ඉවත්වීමට නියමිතය.මේ වනවිටත් ඇමතිවරුන් 10 ක් පමණ ඉල්ලා අස්වී ඇති අතර හෙට දිනයේ අනෙක් සියල්ලන්ගේද බලය අහෝසිවනු ඇත.

මාර්තු මහ මැතිවරණය දක්වා භාරකාර ආණ්ඩුවක් යටතේ රජය පවත්වාගෙන යාමට තීරණය කර තිබේ. ඒ අනුව නව අගමැතිවරයෙකු හා ඇමතිවරු 15 කින් පමණ සමන්විත කුඩා කැබිනට් මණ්ඩලයක් ගෝඨාභය රාජපක්ෂ විසින් තාවකාලිකව පත්කිරීමට නියමිතය.
2015 සිදුවූ ආකාරයට පාර්ලිමේන්තු බහුතරය විපක්ෂය සතුව තිබියදී ආණ්ඩු පක්ෂය ඒ අනුව අගමැති හා ඇමති ධූර වලට පත්වනු ඇත.

කෙසේ වෙතත් සාමකාමී බලහුවමාරුවට සහයෝගය දෙමින් මෙහිදී එම තනතුරු වලට කිසිදු බලපෑමක් නොකර සිටීමට අගමැති රනිල් ගෝඨාභය ජනපතිවරයා සමග එකගතාවයකට පැමිණ තිබේ.
මෙම තාවකාලික රජයේ අගමැති ධූරයට මහින්ද රාජපක්ෂ පත් නොවනු ඇතැයිද ඊට බොහෝ දුරට දිනේෂ් ගුණවර්ධන  නම් කරනු ඇතැයිද අභ්‍යන්තර දේශපාලන ආරංචි මින් ඉහත වාර්තා කර තිබුණි. මාර්තු මාසයේ මහමැතිවරණයේ ජනවරමක් සමගින් අගමැති ධූරය ලබාගන්නට මහින්ද රාජපක්ෂ වැඩි කැමැත්තක් දක්වා ඇතැයිද වාර්තා විය.