හමුදාවට පොලිස් බලතල පැවරීම සදහා මහජන ආරක්ෂිත පනත් 12 වැනි වගන්තියට අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කර තිබෙන අතක 2120/77 දරණ ගැසට් නිවේදනය මගින් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන්වලට හානි සිදුවන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි, විශේෂ
කලබලකාරී තත්වයක් ඇති වූ විට පමණක් සාමාන්‍ය නීතිය යටතේ එම ප්‍රකාශයට හමුදාව කැදවීගිළි බලය ජනාධිපතිවරයාට තිබෙන බවත්, එවැනි විශේෂ සිදුවීමක් නොමැතිව ව්‍යවස්ථානුකූල බලය භාවිත කර සාගරය ඇතුළුව මුළු දිවයිනම නම් කරමින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙන බවත් එම පක්ෂය පෙන්වා දෙයි.
සාමාන්‍ය නීතියේ සීමාවලට පරිබාහිරව ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන්වලට බලපෑම් කිරීම සඳහා මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙන බවත්, ජනාධිපතිවරයා නීතියේ විශේෂ අවස්ථා සදහා ඇති වගන්ති අවභාවිත කරමින් වැරදි පූර්වාදර්ශයක් ලබා දී තිබෙන බවත්
පෙරටුගාමී සමාජවාදී පක්ෂශයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි .නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා සඳහන් කළේ ලංකාවේ සාමාන්‍ය නීතිය යටතේ සිවිල් පරිපාලන කටයුතු සහ සාමය සුරැකීම සදහා හමුදාව කැඳවිය නොහැකි බවත්, මීට පෙර රතුපස්වල ජනතාව සිදුකළ ආකාරයේ උඹිෂවලට ශවඩි තබා මර්තනය දියත් කරනු ලැබුයේ මෙවැනිම නියෝගයක් මගින් බවත්ය.

යුද්ධයෙන් පසු සිවිල් පරිපාලනය ස්ථාපිත කරන ලෙස තිබූ ඉල්ලීම් මුළුමනින්ම නොතකා හැර මුළු රටටම අදාළව මිලිටරි බලයක් ස්ථාපිත කිරීමට මම ගැසට් නිවේදනය මගින් උත්සාහ දරා තිබෙන බවද ජයගොඩ මහතා ප්‍රකාශ කරයි. 2015 පෙබරවාරි 02 වැනිදා මෙත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ අත්සනින් නිකුත් වූ මෙවැනිම ආකාරයේ ගැසට් නිවේදනයක් වීරෝධතා හේතුවෙන් පාර්ලිෂිස්තුවට ඉදිරිපත් නොකර හකුළා ගැනීමට සිදුවූ බවද අධ්‍යාපන ශිලේකමිවරයා ඔපවා සිදයි,ජනාධිපතිවරයාගේ අත්සනින් නිකුත් කර ඇති මෙම ගැසට් නිවේදනය හකුළාගන්නා ලෙස ආණ්ඩුවට බල කරන බවත්, නීතිමය වගන්ති අගති සහගත ලෙස භාවිත කරමින් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් උල්ලංඝනය කිරීමට ගන්නා උත්සාහයට විරුද්ධව ජනතාව ශරිරට ආ යුතු බවත් හෙතෙම ප්‍රකාශ කරයි.

අමින් මධුරංග