හිටපු ජාතික ක්‍රිකට් පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් සිදු කරන විශේෂ පරීක්ෂණය අද (07දා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදීම පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව හතුරුසිංහ නඩු මගට ගොස් ඇති අතර, එම නඩුව ස්විස්ටර්ලන්තයේ පිහිටා තිබෙන බේරුම්කාරක අධිකරණයේදී ඉදිරියේදී විභාගයට ගැනීමට නියමිත බව හතුරුට සමීප ආරංචිමාර්ග තහවුරු කර සිටියේය.
”  මේ අතර හතුරුගේ කොන්ත්‍රාත් කාලය 2020 වසරේ දෙසැම්බර් මස වනතෙක් බලපැවැත්වෙන බවට ඔහුගේ නීතිඥයන් තර්ක කරන අතර, ක්‍රිකට් ආයතනය යොමු කළ සියලු චෝදනා පදනම් විරහිත බවද පවසයි,
ඒ අනුව ආසන්න වශයෙන් මසකට. රු. ලක්ෂ 80 බැගින් මාස 12ක කොන්ත්‍රාත්ගත ගාස්තුව,
නීතිඥ ගාස්තු, ස්විස්ටර්ලන්තයට යාමට වියදම් වූ ගාස්තු, නඩු ගාස්තු සහ නඩුව සදහා වියදම් වන වෙනත් ගාස්තු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් අය කරදෙන මෙන් ඉල්ලා හතුරුසිංහගේ නීතිඥයන් මෙන් නඩුව පවරා ඇතැයි අනාවරණය වේ. මෙහීදී යම් හෙයකින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම නඩුව පරාජයට පත්වුවහොත් හතුරුසිංහට රු;කෝටි 10කට වැඩි වන්දියක් ගෙවීමට සිදුවන බවද හෙළිවේ.  හතුරු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ රාජකාරී කටයුතු ප්‍රධාන කරුණු 05ක් යටත් පැහැර හැර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය චෝදනා එල්ල කර තිබුණි.
එහෙත් මේ චෝදනා සියල්ලම් ප්‍රතික්ෂේප කරමින් චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ලිපියක් යොමු කළේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හතුරුසිංහ මහතා වත කළ චෝදනා අතර,
1. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් සහ අන්තර්ජාතික සංචාර සඳහා සුදානම් කිරීමේදී කායික සහ මානසිකව ඊට සුදානම් කිරීම සහ සහය කාර්ය මණ්ඩලය සම්බන්ධීකරණය කිරීමට අපොහොසත් වීම,
2. ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට අවශ්‍ය විශ්වාසය ගොඩවීමට සත්‍ය වුවමනාවකින් සහ විශේෂ අවධානයක් යොමු කිරීමට අපොහොසත් වීම,
3. ක්‍රීඩකයන්ගේ එකමුතු බව නැති කිරීමට ඔහුගේ යම් යම් ක්‍රියා කලාප හේතුවී ඇතී අතර, කණ්ඩායම් හැගීම සහ ක්‍රීඩකයන් අභිප්‍රේරණය කිරීමට අපොහොසත් වීම,

4.ජාතික පුහුණුකරු ලෙස ඉටුවිය යුතු වගකීම පහර හැරීම්,
5. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සහ ජාත්‍යන්ර ක්‍රිකට් කවුන්සිලයේ ආචාරධර්ම උල්ලංඝනය කිරීම නිසා (2018 වසරේ පැවතී බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේදී ඊට වරදකරු වී දඩුවම් ලැබීම යන චෝදනා වේ.
 -පැතුම් ශ්‍රී විජේරත්න-