2019 වසරේ ජනවාරි පළමුවැනිදා සිට ඔක්තෝම්බර් 31 වැනිදා දක්වා කාලය තුළදී ඩෙංගු රෝගීන් හැටදෙදහස් එකසිය එකොළහක් හා මී උණ රෝගීන් හාරදහස් පහක් වාර්තා වී තිබේ. මේ වසරේ ගෙවීගිය කාලය තුළ වැඩිම ඩක්කු රෝගීන් වාර්තා වී ඇත්තේ, පසුගිය ඔක්තෝම්බර් මාසය තුළදී වන අතර, එම මාසය
තුළ රෝගීන් දසදහස් දෙසිය තිස් අටක් භාවිතා වී ඇත.
එම මාසය තුළදී මී උණ රෝගීන් හාරසිය පනස් හතක් වාර්තා වී තිබෙන අතර, සමස්ත මාස දහයක කාලය තුළදී වැඩිම මී උණ රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ, රත්නපුර දිස්ත්‍රික්කයෙන් වන අතර, රෝගීන් 851ක් වාර්තා වී තිබේ.
මීට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් මී උණ රෝගීන් 205ක්, ගමිපහ දිස්ත්‍රික්කයන් 39ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් 523ක්, මහනුවර දිස්ත්‍රික්කයෙන් 90ක්, මාතලේ දිස්ත්‍රික්කයෙන් 43ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 49ක්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් 395, හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් 127ක්, මාතර දිස්ත්‍රික්කයන් 400ක්,
යාපනය දිස්ත්‍රික්කයන්
33ක්, කිලිනොච්චිය දිස්ත්‍රික්කයෙන් 19ක්, මන්නාරම දිස්ත්‍රික්කයෙන් 01ක්, වවුනියාව දිස්ත්‍රික්කයෙන් 55ක්, මුලතිව් දිස්ත්‍රික්කයන් මී උණ රෝගීන් 26, මඩකලපුව දිස්ත්‍රික්කයෙන් 46, අම්පාර දිස්ත්‍රික්කයෙන් 72, ත්‍රිකුණාමලාය දිස්ත්‍රික්කයෙන් 10ක්, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 62ක්, පුත්තලම දිස්ත්‍රික්කයෙන් 33ක්, අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් 118ක්, පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් 67ක්, බදුල්ල දිස්ත්‍රික්කයෙන් 192ක්, ශිමානරාගල දිස්ත්‍රික්කයන් 169ක්, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් 204ක් වාර්තතා වී ඇත.  එසේම පසුගිය වසරේ (2013) ජනවාරි 01 වැනිදා සිට ඔක්තොම්බර් 31 වැනිදා දක්වා කාලය තුළදී මී උණ රෝගීන් තුන්දහස් පන්සිය අනූඑකක් වාර්තා වී ඇත.
මේ වසරේ ජනවාරි පළමුවැනිදා සිට ඔක්තොමිබර් 31 වැනිදා දක්වා කාලය තුළදී ඩෙංගු රෝගීන් හැට දෙදහස් එකසිය එකොළහක් වාර්තා වී තිබෙන අතර, 2018 වසරේ සමස්ත කාලය තුළදීම ඩෙංගු රෝගීන් වාර්තා වී ඇත්තේ රෝගීන් පනස් එක්දහස් හයසිය පනස් නවයක් පමණි. ඒ අනුව පසුගිය වසරට සාපේෂව ඩෙංගු රෝගීන් හා මී උණ රෝගීන්ගේ ප්‍රමාණය ඉහළ ගොස් තිබේ.
මේ වසරේ වැඩිම ඩෙංගු රෝගීන්ගේ ප්‍රමාණය පසුගිය ඔක්තොම්බර් මාසයන් වාර්තා වී
තිබෙන අතර, එම මාසය තුළදී ඩෙංගු රෝගීන් දසදහස් දෙසිය තිස්අටක් වාර්තා වී ඇත. මේ වසරේ ජනවාරි මාසයේදී 5,580ක් පබරචාරී මාසයේදී 3,736ක්, මාර්තු මාසයේදී 3,822ක්, අප්‍රේල් මාසයේදී 2,970ක්, මැයි මාසයේදී 4,260ත්, ජුනි මාසයේදී 5,896ක්, ජුලි මාසයේදී 8,843ක්, අගෝස්තු මාලියේදී 9,461ක්, සැප්තැම්බර් මාසයේදී ඩෙංගු රෝගීන් 7,195ක් වාර්තා වී තිබේ. වැඩිම ඩෙංගු රෝගීන් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. එම දිස්ත්‍රික්කයෙන් සමස්ත කාලය තුළදී රෝගීන් දහතුන් දහස් දෙසිය දහඅටක් වාර්තා වී තිබෙන අතර, සමස්ත
මේ අනුව දිස්ත්‍රික්කවලින්ම රෝගීන් වාර්තා වී ඇත.

ඉන්දික හේවාවිතාරණ