කාන්තාවගේ සනීපාරක්ෂක පහසුකම් පිළිබද නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණින් ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඉන්දියාවේ ප්‍රකට සමාජ ව්‍යසායකයකු වන අරුණාචලම් මුරුගනාන්දම් මහතා ප්‍රසාදය පළ කර තිබේ.

ලෝකය පුරාම පෑඩි මෑන් (Pad Man) ලෙසින් ගෞරවයට පාත්‍ර වූ අරුණාචලම් කාන්තාවගේ සනීපාරක්ෂක තුවා නිර්මාණය කිරීම වෙනුවෙන් අඩු වියදම් යන්ත්‍ර නිපදවයි. ඔහුගේ ජීවිත කතාව අලලා පෑඩ් මෑන් නමින් බොලිවුඩ් රංගන ශිල්පී ආක්ශේ කුමාර් රඟපාන චිත්‍රපටයක්ද නිර්මාණය වූ අතර, එය ලොව - පුරා
අතිශය ජනප්‍රිය වෙමින් බොක්ස් ඔෆිස් වාර්තා බිඳදමමින් තිරගත වු චිත්‍රපටයකි.

ලොව  පුරා නායකයන් තමන්ගේ රටවල සංවර්ධනයේදී කාන්තාවන්ගේ සෞඛ්‍ය හා කාන්තාවන්ගේ මාසික ඔසප්වීමේදී සනීපාරක්ෂක කටයුතුවල වැදගත්කම වටහාගැනීම හොඳ වෙනසක්. ඔවුන් සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනවලින් විවිධ මුල පිරීම් මේ වෙනුවෙන් නිවේදනය කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා කාන්තා සනීපාරක්ෂක පහසුකම් ලබාදීම පිළිබඳ කතා කළා. ඔහු ශ්‍රී ලංකාවේ නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා. ඔහු තමන් පෑඩිමෑන් ලෙස හැදින්වීම ගැන සතුටු වන අතර, කාත්තාවන්ට හා ගැහැනු ළමයින්ට නොමිලේ සනීපාරක්ෂක තුවා ලබාදෙන බවට පොරොන්දු වුණා.

කාන්තාවගේ සනීපාරක්ෂක කටයුතු පිළිබඳ ලෝක නායකයන් තානාපතිවරුන් ලෙස කටයුතු කිරීමට මේ කාලයයි.
දැන් බංග්ලාදේශයද සරණාගත කාන්තාවන් සහ ගැහැනු ළමයින් සඳහා සනීපාරක්ෂක පහසුකම් සැලසීමට කටයුතු කරනවා යැයි ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසයි.