https://www.gossiplankanews.com/2019/10/yoshitha-rajapaksa-wedding.html
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ දෙවැනි පුතු යෝෂිත රාජපක්ෂගේ විවාහ උත්සවය බ්‍රහස්පතින්දා (3) උදෑසන 9.30 ට ගාලු මුවදොර හෝටලයේදී පවත්වන්නට නියමිතව තිබෙන බව වාර්තාවේ.
 මීට මාස කිහිපයකට පෙර පසුගිය ජූලි මස පවුලේ හිතවතුන් පමණක් එක්වූ අවස්ථාවක යෝෂිතගේ විවාහ ගිවිස ගැනීම සිදු කර තිබූ අතර හෙට පවත්වන්නේ එහි උත්සව අවස්ථාවයි.
යෝෂිත අතගන්නා මනාලිය නිතීෂා ජයසේකරයි. ඇය
ආනන්ද ජයසේකර මහතාගේ දියණියකි.
මෙම විවාහ උත්සවයේ දෙවැනි ගමන උත්සවය ලබන 7 සඳුදා වීරකැටිය මැදමුලන නිවසේදී පවත්වන්නටද කටයුතු සූදානම් කර ඇති බව වාර්තාවේ.
මේ වනවිට මෙම උත්සව දෙක සඳහා මහින්ද රාජපක්ෂ පවුලේ සමීප හිතවතුන්ට හා දේශපාලනඥයින් රැසකට ඇරයුම් කර ඇත.
නඩු කටයුතු නිසා අත්හිටුවා තිබූ යෝෂිත රාජපක්ෂගේ නාවික හමුදා රස්සාව පසුගිය සතියේ හදිසියේ ජනපති මෛත්‍රිපාල සිරිසේනගේ නියමයෙන් පිරිනමා තිබුනේ මේ කියන විවාහය දවසේ නාවික හමුදා සමාචාර ලබාදීමේ අරමුණින් බව මින් පෙර හෙළිව තිබුණි.

මහින්ද රාජපක්ෂ මහතාට කරන පුද්ගලික උපකාරයක් ලෙස එය ජනපති මෛත්‍රිපාල සිරිසේන ඉටු කරන ලදැයි වාර්තා පළ විය.

පසුගිය සතියේදී ඔහුව යලි නාවික හමුදා සේවයේ පිහිටුවීමෙන් පසු යෝෂිත ඊයේ (01) සිට යලි නාවික හමුදාවේ සේවයට එක්වූ අතර
ඊයේ දිනයේදීම ඔහුට උසස් වීමක්ද පිරිනමා තාවකාලික ලුතිනන් කමාන්ඩර් නිලයට උසස් කර තිබුණි.

එලෙස උසස්වීම ලබා දී ඇත්තේ නාවික හමුදාවේ රෙගුලාසි හා නිතිය අනුව ආරක්ෂක අමාත්‍යාංශයෙන් ලද අනුමැතිය අනුව බව වාර්තා විය.
කාලයක් යසාරා අබේනායක සමගද තවත් කාලයක් යොහානා රත්වත්තේ සමගද පෙම් සබඳතා පැවැත්වූ බවට යෝෂිත රාජපක්ෂ ගැන පසුගිය කාලයේ විවිධ පුවත් මැවිණි. නමුත් අවසානයේ ඔහු අතගන්නේ නිතීෂා සමගිනි.

සීඑස්එන් නාලිකාවේ මූල්‍ය අක්‍රමිකතා කටයුතු , මිත්තණියකගේ මැණික් මල්ල සහ වසීම් තාජුදීන් ඝාතනය සම්බන්ධයෙන්ද යෝෂිතට එරෙහිව විවිධ චෝදනා ගොනුවීම නිසා ඔහු කථාබහට ලක්වූ චරිතයකි.
යෝෂිතගේ මෙම විවාහයත් සමග මහින්ද රාජපක්ෂගේ පුතුන් තිදෙනාම විවාහ දීවියට පිවිසි අය බවට පත්ව එම කටයුතු සම්පූර්ණ වේ.
පසුගිය ජූලි මස පවුලේ සමීප කිහිපදෙනෙකු  පමණක් සහභාගීව සිදුවූ යෝෂිත - නිතීෂා විවාහ ගිවිසගැනීමේ උත්සවයේ ඡායාරූප පහතින්