ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් බහුතරය වෙනුවෙන් සටන් කරද්දී තමාට ජීවිතය ගැන බියක් ඇතිව තිබෙන බව දේශපාලන කටයුතු පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකදී කුමාර වෙල්ගම මහතා අදහස් දක්වා තිබේ.


“වෙල්ගම ළඟ ඩීල් නැහැ.
ඩීල් දාන අය දැන් පොහෙටේටුවේ”
“මම කෙලින් ඉන්නවා. මම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට කිසිම සහායක් දෙන්නේ නැහැ. ඒ වගේම හංසයට සහාය දෙන්නේත් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් වෙනුවෙන්, පක්ෂය වෙනුවෙන් මේ මැතිවරණයෙ දී ස්වාධීනව ඉන්නවා. මේ තරම් කැපිලි ,කෙටිලි, කෙනහෙළිකම් තිබියදීත් ඇල්පිටියේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් තමන්ගේ ස්වාධීන මතය පෙන්වල තියෙනවා. මම ඇල්පිටියේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට ස්තුතිය පළ කරනවා.
ලසන්ත වික්‍රමතුංග, කීත් නොයාර්, එක්නැළිගොඩ වගේ අයට සිදුවු දේවල් අනුව මටත් බයක් තියෙනවා. නමුත් මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පාක්ෂිකයන් වෙනුවෙන් මැරෙන්න බයත් නෑ”