මධ්‍යම පළාතේ බොහෝ ප්‍රදේශවලට තද වැසි ඇතිවීම නිසා මහවැලි ගගේ ජල මට්ටමද ඉහළ ගොස් ඇති බැවින් ගඟේ අනාරක්ෂිත ස්ථානවලින් නෑමෙන් වළකින ලෙසෙ පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.

මේ වනවිට දියේ ගිලීමෙන් මරණ රැසක් සිදුව ඇති බවත් එයින් වැඩි ප්‍රමාණයක් අනාරක්ෂිතව දියනෑම් නිසා සිදුවූ ඒවා බවත් පොලිසිය කියයි.

මහවැලි ගගේ ගන්නෝරුව වරාතැන්න ප්‍රදේශයේ  ජනතාව වැඩි වශයෙන් දියනෑමට පුරුදුව සිටින අතර එම ස්ථානය අනතුරු සහිත
ස්ථානයක් බවට හඳුනාගෙන තිබේ.

පසුගිය වසරවල විශාල පිරිසක් එම ස්ථානයේදීද දියේ ගිලීමෙන් මිය ගොස් ඇති බවද වාර්තා වෙයි. විශේෂයෙන් විවිධ පළාත්වල සිට විනෝද චාරිකා පැමිණෙන පිරිස් දියනෑම සඳහා මෙම ස්ථානය යොදා ගැනීමත් එහි පිහිටීම ගැන අවබෝධෙයක් ඔවුන්ට නොමැතිවීම නිසාත් මෙවන් අනතුරු සිදුවන බව පොලිසිය කියයි.

කෙසේ නමුත් මෙම ස්ථානයේ දියනෑම අනතුරුදායක බව සඳහන් කර සවි කර තිබූ පුවරු මේ වන විට දක්නට
නොමැති අතර එවන් පුවරු සවිකිරිමට අදාළ පළාත් පාලන ආයතන ක්‍රියා කළ යුතු යැයි ජනතාව කියති.

- හාරිස්පත්තුවේ මොහොමඩ් ආසික්