ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනට භාවිතකරන, කොළඹ 07, මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස විශ්‍රාම ගැනීමෙන් පසුවද ඔහුට ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. ජනාධිපතිවරයාගේ
ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ (15) පැවති කැබිනට් රැස්වීමට මුදල් ඇමැති  මංගල සමරවීර මහතා විසින් ඒ සඳහා ඉදිරිපත් කරන ලද සංදේශයට අමාත්‍ය  මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

විශ්‍රාමික ජනාධිපතිවරයෙකුට ව්‍යවස්ථානුකූලව ලබාදිය යුතු
සියලු වරප්‍රසාදවලට අමතරව මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරක්ෂාව සඳහා විශේෂ කාර්ය බළකාය ලබාදීමටද කැබිනට් මණ්ඩලය තීරණය කර   ඇත. මෛත්‍රීපාල සිරිසේන මහතා මෙරට මත්ද්‍රව්‍ය උවදුර තුරන්කිරීම සඳහා විශාල වැඩ කොටසක් කර ඇති බැවින් ඔහුට විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව ලබාදීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබිණි.

මෙහිදී අදහස් දක්වා ඇති විදේශ කටයුතු ඇමැති තිලක් මාරපන මහතා, හිටපු ජනාධිපතිනි  චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියටද විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව ලබාදිය යුතු බවට යෝජනා කර ඇත.  ඊට පිළිතුරු දුන් මුදල් ඇමැති මංගල සමරවීර මහතා මෛත්‍රීපාල සිරිසේන මහතාට විශේෂ කාර්යය බළකායේ ආරකෂාව ලබාදෙන් ඔහු මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීමට කටයුතු කළ නිසා දැඩි ආරක්ෂාවක් දිය යුතු නිසායැයි සඳහන් කර ඇත.


-අජන්ත කුමාර-