https://www.gossiplankanews.com/2019/10/welgama-chandrika-sajith.html
ව ප‍්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීම සඳහා හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ උපසභාපතිවරයෙකු හා මතුගම ආසන සංවිධායකවරයා ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා තීරණය කර තිබේ.

කොළඹ සුගතදාස ගෘහස්ථ  ක්‍රීඩාංගණයේදී ලබන 05 වැනිදා විශේෂ සමුළුවක් පවත්වා මෙම තීරණය රටට දැනුම් දීමට ඔවුන් කටයුතු කරගෙන යන බව වාර්තා වෙයි.

හිටපු ජනාධිපතිනියගේ ප්‍රධානත්වයෙන් එදින සවස 2.00ට ආරම්භ කරන මෙම සමුළුව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරු, පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයින්, මන්ත්‍රීවරුන් ඇතුළු පිරීසක් එක්වීමට නියමිතය.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ ඊයේ (29)පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්‍ෂක සංගමයේ සභාපති  කිත්සිරි හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ කුමාර වෙල්ගම මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සුරැකීම් සංවිධානය විසින් මෙම සමුළුව පවත්වන බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආසන සංවිධායකයන් 81ක්, අපේක්‍ෂකයන් 3,000ක්, මන්ත්‍රීවරුන් 1,000ක් ඇතුළුව

ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් 15,000ක් සහභාගි වීමට  සූදානමින් සිටින බවද හෙතෙම පැවසීය.

පසුගිය පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් අපේක්‍ෂකයන් 9,000ක් තරග කළ බවත්, එම සියලු දෙනාට නොදන්වා පක්‍ෂ නායකත්වය විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්වීමට තීරණයක් ගෙන තිබෙන බවත් හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේය.

මෙම තත්වය තුළ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් සියලු දෙනා කලකිරමට පත්ව සිටින බවත්, මෙවර ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම සදහා ශ්‍රීලනිප ඡන්ද ලක්‍ෂ 07ක් ලබාදීමට තම කණ්ඩායම කටයුතු කරගෙන යන බවත් හෙතෙම සඳහන් කළේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්පූර්ණයෙන්ම දියවී යනු ඇති බවත්,
මේ බව තේරුම් නොගත් ශ්‍රී.ල.නි.ප. සංවිධායකවරු 14 දෙනකු පමණක් ගෝඨාභය රාජපක්‍ෂ මහතා දිනවීමට ඉදිරිපත් වී සිටින බවත් ඔහු පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කිත්සිරි හෙට්ටිආරච්චි මහතා,
 "ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායක මෛත්‍රීපාල සිරීස්න මහතා විසින් එක්සත් ජාතික පක්‍ෂයේ සිට පැමිණි දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් කළා. සති තුනකට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග ඔවුන් එකතුවුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කළ 9,000 දෙනාව දැනුම් දීමකින් තොරව තමයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහොම වැඩ කළේ. පොහොටිටුවට පක්‍ෂයේ ඡන්ද  ටික භාර දීම ගැන අපේක්‍ෂකින් 9,000ට හා පාක්ෂිකයන්ට් සෑහෙන්න වේදනාවක් ඇති  වුණි. ඉන් පසුව සති තුනක් විතර යනකොට කුමාර වෙල්ගම මහතාගේ නායකත්වයෙන් යුතුව අපි සංවිධානය වුණා. අපි පක්ෂය දියවෙන්න දෙන්නේ නෑ. ශ්‍රීලනිප නිර්මාතෘ

බණ්ඩාරනායක මහතා ලේ දහරා උඩ වෙඩි තියලා මිය යන අවස්ථාවේදී සිතන්න ඇති ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය කිසි දිනෙක වෙන්වන එකක් නැහැ කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට කැඩීම් ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම දයාසිරි ජයසේකර භාරගන්න ඕන. සජිත් ප්‍රේමදාස මහතාගේ වේදිකාවට අපේ සංවිධායකවරු, අපේක්‍ෂකයන් සිය දෙසීය නගිනකොට සංවිධායකවරු 14ක් පමණයි පොහොට්ටුවට සම්බන්ධ එක්ක ඉතිරි වුණේ. පක්‍ෂය ආරක්ෂා කර ගන්න ඕන නිසා කුමාර වෙල්ගම මහතා තීරණයක් ගත්තා චන්ද්‍රිකා මැතිනියටත් කියලා නොවැම්බර් 05 වැනිදා සමුළුවක් පැවැත්වීමට. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැරගිය සියලූ දෙනා එකතුකර
ගෙන ශ්‍රී ලංකා නිදහස් පකෂය සුරැකීම් සංවිධානය විදියට සමුළුව පවත්වනවා" යනුවෙන් පවසා සිටියේය.

සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය. තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකා මහජන පක්‍ෂයේ හිටපු නායක විජය කුමාරණතුංග මහතාගේ වැඩිමල් සහෝදරිය වන විජවාදී මහජන පෙරමුණේ උපදේශිකා රූපා කුමාරණතුංග, එක්සත් ජනතා කොංග්‍රසයේ දිගම්බරන් දේවේන්ද්‍ර යන මහත්ම මහත්මීන් සහ ඊ.පී.ඩී.පී. පක්‍ෂයේ සාමාජිකයන්, නැගෙනහිර හිටපු මහ ඇමති පිල්ලෙයාන් මහතාගේ දේශපාලන පක්‍ෂයේ සාමාජිකයන් ඇතුළු පිරිසක් මෙම මාධ්‍ය හමුවට එක්ව අදහස් පළ කළහ.