ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී
විජිත හේරත් මහතාගේ
ආදරණීය මෑනියන් වූ තෙන්නකෝන් මුදියන්සේලාගේ කමලාවතී මාතාව ඊයේ (30) පස්වරුවේ අභාවප‍්‍රාප්ත වී තිබේ.

මේ වනවිට ඇයගේ දේහය බොරැල්ල ජයරත්න මල්ශාලාවේ තැන්පත් කර ඇති අතර දේහය පිළිබඳව අවසන් කටයුතු හෙට (01) සවස 4.30ට බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතය.