ඉස්ලාම් රාජ්‍ය සංවිධානයේ හිටපු නායකයා වූ අබුබකර් අල් බදාදීගේ මරණයෙන් පසුව, එම ස්ථානය සදහා පත්වීමට බොහෝ දුරට ඉඩ තිබු තැනැත්තා සිය හමුදාව අතින් ඝාතනයට ලක් වූ බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. සිය ටුවිටර් ගිණුම
හරහා පණිවුඩයක් තබමින් ඔහු මේ බව පවසා ඇත.

"අබු බකර් අල් බග්දාදිට පසුව ඉස්ලාම් රාජ්‍ය සංවිධානයේ මීළග නායකයා බවට පත්වීමට සිටි අංක එකේ පුද්ගලයා ඇමෙරිකානු  හමුදාත් අතින් විනාශ වුණු බව මම ස්ථිරවම ප්‍රකාශ කරන්න කැමතියි.” ට්‍රම්ප් එහි සදහන් කර තිබේ.

කෙසේ වෙතත් මෙම චරිතය කවුරුන්ද යන්න ට්‍රම්ප් මෙහිදී සදහන් කර නැත. ඇතැම් විට ඔහු ඉස්ලාම් රාජ්‍ය සංධානයේ මාධ්‍ය ප්‍රකාශකයා වූ අබු අල් හසන් අල් මුහාපීර් වියහැකි බව විදෙස් මාධ්‍යවල අදහස වී තිබේ. ඔහු සිය හමුදා අතින් ඝාතනය වූ බව එක්සත් ජනපදය පසුගියදා නිල වශයෙනේ නිවේදනය කර තිබුණි. අල් මුහාජිර් මේ අන්තවාදී සුන්නි මුස්ලිම් ජිහාඩ් සංවිධානයේ මුල් පෙළේ ස්ථානයක් හිමි කරගෙන සිටි අයෙකුද විය.

මේ අතර, අබුබකර් අල් බග්දාදිගේ ඝාතනයෙන් පසුව ඉස්ලාමීය රාජ්‍යය සංධානයේ නායකත්වය සදහා අබ්දුල්ලා ක්වාරදාෂ් නමැත්තා නම් කළ බවටද එම සංවිධානය ප්‍රකාශ කර තිබුණි. ඔහු ඉරාකයේ හිටපු ජනපති සදාම් හුසේන්ගේ ආරක්ෂක අංශයේ සාමාජිකයකුව සිටි අයෙකුද වෙයි.