ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම ආරම්භ වී තිබේ.

තැපැල් ඡන්ද සලකුණු කිරීම අද(31) සහ හෙට දිනවල සිදුකිරීමට නියමිත අතර ඡන්ද දායකයන් හය ලක්ෂ පනස් නවදහස් තිස් දෙනෙකු ඒ සඳහා සුදුසුකම් ලබා ඇත.

රාජ්‍ය ආයතනවල

සහ හමුදා සේවයේ නිරත තැපැල් ඡන්ද හිමියන් අද සහ හෙට දෙදින තුළ ද දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල සහ පොලිස් සේවයේ නිරත තැපැල් ඡන්ද දායකයන් ලබන 4 වැනි දා ද තැපැල් ඡන්දය භාවිතා කරන ලෙස මැතිවරණ කොමිසම දැනුම් දී ඇත.

අදාල දිනයන් හි තැපැල් ඡන්දය සලකුණු කිරිමට නොහැකි වන තැපැල් ඡන්ද හිමියන්ට ලබන 07 වනදා තැපැල් ඡන්දය සලකුණු කිරිම හැකියාව පවතියි.

එසේම තැපැල් ඡන්දය ප්‍රතික්ෂේප වී ඇති තැපැල් ඡන්ද ඉල්ලුම්කරුවන්ට සාමාන්‍ය පරිදි ඡනාධිපතිවරණය පැවැත්වෙන ලබන 16 වැනිදා සිය ඡන්දය ප්‍රකාශ කිරීමට හැකිය.