ගංජා තිබේදැයි පරික්ෂා කළ ත්‍රිරෝද රථයක වගතුගවලින් වාහන සොරකම් කිහිපයක් හෙළිකර ගැනීමට ගම්පොළ කොට්ඨාස විස මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරිහු සමත්වුහ.

පස් දෙනකුගෙන් යුත් කණ්ඩායමක් විසින් ලංකාව පුරා සිදුකරන මෙම වාහන වංචාව සමග එසේ සොරකම් කරන ලද ත්‍රිරෝද රථ දෙකක් හා කුඩා ලොරි රථයක්ද පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

ගංඡා ඇත්දැයි මෙම ත්‍රිරෝද රථය පරීක්ෂා කර ඇත්තේ ගම්පොළ කහටපිටිය ප්‍රදේශයේදිය.

එහිදී ත්‍රිරෝද රථයේ තිබු බෑගයක මසා තිබු වාටියක සඟවා කිබු ගංජා පැකැට්ටුවක් සොයාගෙන ඇති අතර, වැඩිදුරටත් පරික්ෂා කිරීමකදී රෙදිවලින් ආවරණය කරන ලද ත්‍රිරෝද අංක තහඩු මදකක් හමුවී ඇත.

ඒ පිළිබඳව සොයා බැලීමකදී කොළඹ ප්‍රදේශයේ කුඩුවලට ඇබ්බැහි වූවෙකු සොරකම් කරන ලද ත්‍රිරෝද රජයක් මෙම පුද්ගලයන් විසින් රුපියල් දස දහසකට මිලදීගෙන එය හෙමමාතගම ප්‍රදේශයේ වාහන අළෙවිසැලකට රුපියල් පනස් දහසකව විකුණා ඇති බව හෙළිවී ඇත. අලුත්ම ත්‍රිරෝද රථයක් වූ මෙය රුපියල් ලක්ෂ හතක් පමණ වන අතර, මෙසේ සොරකම් කරන ලද වාහන කෑලි ගැලවීම සඳහා විකුණන බවද හෙළිවී ඇත.

ඒ අනුව මෙම ස්ථානය පරික්ෂා කිරිමෙදී අනන්‍යතාව හෙළිකිරීමට නොහැකි වු තවත් ලොරි රන්ථයක් හා ත්‍රිරෝද රථ දෙකක්මෙසේ සොයාගෙන තිබුණි.

මෙම වාහන සොරකම පිටුපස සිටින පස් දෙනා පිළිබඳව සොයා බැලීමේදී මොවුන්ගෙන් හතර දෙනකු නුවරඑළිය මීපිළිමාන ප්‍රදේශයේ බව හෙළිවී ඇත. අනෙක් සැකකරු හෙමමාතගම ප්‍රදේශයේ අයෙකි.

ගම්පොළ කොට්ඨාස භාර පොලිස් අධිකාරි ප්‍රියන්ත පීරිස්, පොලිස් අධිකාරි චූලනී වීරරත්න. ස.පො.අ.ඕ.ඊ. අමරබන්දු යන නිලධාරිගේ උපදෙස් මතකොට්ඨාස විස මත්ද්‍රව්‍ය ඒකකයේ ස්ථානාධිපති උ.පො.ප. රත්නායක, පො.සැ. (33128) දිසානායක, පො.කො. (7130) මහින්ද. (51138) ප්‍රසන්න. (47173) ඉලංගරත්න යන නිලධාරිහු පරික්ෂණ පැවැත්වුහ.

ගම්පොළ සුරංග රාජනායක