කැකිරාව ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාචට සෙවිලි තහඩු බෙදෙමින් ජනතාචට මැතිවරණ අල්ලස් ලබාදීමට පිරිසක් කටයුතු කරමින් සිටින බව ඉපලෝගම ප්‍රාදේශීය සභාවේ පොදුජන
පෙරමුණේ මන්ත්‍රිවරු පිරිසක් සිය විරෝධතා පැමිණිල්ල අනුරාධපුර දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට ඉදිරිපත් කර තිබේ. සවිලි තහඩු තොග රැගත් ලෝරි රථ 05ක් ඉකුත් 15වැනිදා දහවල් ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පිට නවතා තිබිණි. මෙලෙස ජනතාව අතර බෙදාදීම සඳහා එදින (15) ඉපලෝගම
දේශීය
ලේකම් කාර්යාලයට රැගෙනවිත් ඇති සෙවිලි තහඩු ප්‍රමාණය දෙදහසකට අධික වන බවත් පුද්ගලයන් 110 දෙනකු අතරේ එම සෙවිලි තහඩු තොගය බෙදා දීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කටයුතු කරමින් සිටින බවත් අප වෙත අදහස් දැක්වූ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරු පැවැසූහ.

ලෝරි රථ වලින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත රැගෙනවිත් තිබු එම සෙවිලි තහඩු තොගයෙන් කොටසක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ ඉපලෝගම ගොවිජන සේවා මධ්‍යස්ථාන භූමියේද ගබඩා කිරීමට කටයුතු කෙරීණ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් විරෝධතා පැමිණිල්ලක් කිරීම සඳහා එම අවස්ථාවේ එම ස්ථානයට පැමිණ සිටි ඉපලෝගම ප්‍රාදේශ්ය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් ප්‍රාදේශීය ලේකම්වරයා හමුවීමට උත්සාහ කළ ද එම අවස්ථාවේ ප්‍රාදේශීය ලේකම්වරයා කාර්යාලයේ නොසිටීම නිසා ඔවුන් සිය විරෝධතා පැමිණිල්ල අනුරාධපුර දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට ඉදිරිපත් කිරීමට කටයුතු කරනු ලැබීය.
මේ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමට අප ඉපලෝගම ප්‍රාදේශීය ලේකම්වරයා හමුවීමට එම අවස්ථාවේ උත්සාහ කළද එම අවස්ථාවේ ප්‍රාදේශීය ලේකම්වරයා කාර්යාලයේ නොසිටි නිසා එම උත්සාහය ද ව්‍යර්ථ විය.

මඩාටුගම ප්‍රසන්න ඒකනායක