යුද්ධය යුද ජයග්‍රහණය හෝ යුද්ධයේ වීරක්‍රියා මැතිවරණ ප්‍රචාරක කටයුතුවලදී තහනම් කිරීමට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා තීරණය කර ඇත්තේ කුමන නීතියෙන් හෝ පදනමක් යටතේද යන්නේන් ව්‍යවස්ථාදායකයේ සාමාජිකයෙකු ලෙස ප්‍රශ්න කරන බව ඒකාබද්ධ විපක්ෂයේ පාරිලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (17)  පැවසීය.

යුද ජයග්‍රහණ ගැන කතා කිරීම තහනම් නම් යුද පරාජයන් හා පාවාදීම ගැන ඇතිතරම් කරුණු හෙළිකිරීමට තමා සූදානම් යැයිද පිටකෝට්ටේ පිහිටි වියත්මග කාර්යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මන්ත්‍රීවරයා කිය.

එහිදී අදහස් දැක්වූ ගුණවර්ධන මහතා
එදා ප්‍රේමදාසි යුගයේ මුදල් අමත්‍යාංශයේ ලේකම්වරයා වූ ආර්. පාස්කරලිංගම් මහතා එවකට ජනපති ප්‍රේමදාස මහතාගේ උපදෙස් මත කොටින්ට මුදල් සහ ආයුද ලබාදීම පිළිබඳව සාක්ෂි සහිතව ඕනැතරම කථා කිරිමට කරුණු ඇතැයිද කියා සිටියේය.

මෙම අවස්ථාවේදී ලලිත් ඇතුලත්මුදලි හා ගාමිණී
දිසානායක යන හිටපු අමාත්‍යවරුන් විසින් ප්‍රේමදාස ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝගයක් ගෙනා බවත් ඊට විපක්‍ෂයේ මන්ත්‍රීවරයකු  ලෙස තමන්ද අත්සන් තැබූ බවත් ගුණිවරිධන මහතා සඳහන් කළේය.

එදා කොටින්ට මුදල් හා ආයුධ ලබාදීමට මුල් වූ පාස්කරලිංගම් මහතා අද එඡාපයේ ආර්ථික උපදේශකවරයකු බවද කොටින්ට මුදල් ලබාදුන් බවට සඳහන් රුපියල් ලක්‍ෂ 125 ක් වටිනා රිසිට් පත් 17ක් තමන්ට ලැබී ඇති බවත් ඒවා භාරගත් බවට පාස්කරලිංගම් මහතා අත්සන් තබා ඇති බවත් මන්ත්‍රිවරයා හෙළි කෙළේය.

කොටින් පරාජය කොට වසර 30ක් තිස්සේ යුධ බිමේ සටන් කොට තම ශරිරයේ අවයව පවා අහිමි කරගත් රණවිරුවන්ට යුද ජයග්‍රහණය ලබාදී තමන් ජීවිතයට පරාජය හිමිකර ගැනීමට අද සිදුවී ඇතැයිද ඒවා එකිනෙකා මැතිවරණ වේදිකාවල හෙළි කිරීමට සූදානම් යැයි මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඒ අනුව 1998 වසරේදී පේදුරුතුඩුව යුද හමුදා කඳවුරට එල්ල කළ ප්‍රහාරයේදී එම එල්ටීටීඊ  සැකකරුවන්ට අත්අඩංගුවට ගෙන සිටියදී ඉන් එක් අයකු පැනයාමට තැත් කළ අවස්ථාවේ මෙල්ල කිරීම සඳහා තැබූ වෙඩිල්ලකින් ඔහු මියයාමේ වරදට මිනීමැරුම් චෝදනා යටතේ එවකට බුද්ධි අංශ මේජර්වරයෙකු වන විමල් වික්‍රමගේ (විශ්‍රාමික) මහතාට අද අත්වී ඇති ඉරණම ශෝකජනක බවද මන්ත්‍රීවරයා කීය.

මිනීමැරිමේ චේතනාවෙන් නොකළ මෙම වෙඩි තැබිම පිළිබඳව ඔහු හමුදා අධිකරණයෙන් නිදහස් වුවද සිවිල් අධිකරණයෙන් වසර 10ක
අත්හිටවූ සිරදඬුවම් සමග රුපියල් ලක්ෂ 20 ක වන්දියක් මියගිය අයගේ පවුලේ සාමාජිකයන්ට ගෙවීමට නියම වූ බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඔහුට එම චන්දි මුදල ගෙවීමට තරම වත්කමක් නොවුයෙන් රටේ ජනතාවගේ ආධාරයන් රැපියල් ලක්ෂ 20 සොයාදුන් නමුත් වසර 10 කට අත්හිටවූ සිරදඩුවම හේතුවෙන් ග්‍රාමසේවා සහතිකයක් හෝ  ලබා ගැනීමට නොහැකිවී ඇතැයිද ඔහු කිවේය.

ඒ නිසාම ඔහුට හෝ ඔහුගේ දරුවකුට අද රැකියාවකට යාමට විදේශගතවීමකට පමණක් නොව කුමන අවශ්‍යතාවක් මත හෝ රඡයේ සහතිකයක් පවා ලබා ගැනීමට නොහැකි අයුරින් ඔහු මිනීමරුවෙකු ලෙස හංවඩු ගසා ඇතැයි ද රටට යුද ඡයග්‍රහණය රණවිරුවන්ට අත්වී ඇත්තේ මෙවැනි ඉරණමක් යැයිද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය .

විශ්‍රාමික මේජර් (ආබාධිත) විමල් වික්‍රමගේ මහතා අදහස් දක්වමින් යුද ජයග්‍රහණයේ නියමුවන්ගේ එම ඡයග්‍රහණ ගැන මැතිවරණ වේදිකාවල කතාකිරීම පවා තහනම් කර ඇති අවස්ථාවක් අද උදාවී ඇත්තේ දෛවයේ සරදමක් ලෙස බවද කියා සිටියේය.

වසර 10ක අත්හිටවූ සිරදඬුවම් ලැබී වසර 3ක් ගතවී ඇති අතර තවත් වසර 7ක් යනතෙක් මම දුක්ඛිත තත්ත්වය විඳ දරා ගැනීමට තමන්ට සිදුවී ඇතැයිද වසර 16ක් තිස්සේ නඩු කීමට පමණක් රුපියල් ලක්ෂ 25ක් පමණ වියදම් වී ඇතැයි කී මේජර්වරයා තවමත් ලබ්බ කෑලි ඇගපුරා ඇතැයිද සඳහන් කළේය.

ජයන්ත සමරකෝන්