අද (16) උදෑසන මට්ටක්කුලිය ප්‍රදේශයේ කතෝලික පාසලක් ආසන්නයේ හිමිකරුවෙකු නැති වෑන් රථයක් නවතා තිබීම හේතුවෙන් කලබලකාරී ඇරංචි පැතිරයාමක් වාර්තාවිය.

නමුත් පසුව

සොයාබැලීමේදී කාර්මික දෝෂයට ලක්වූ වාහනයක් පෙරදා රාත්‍රියේ නතර කරයාම නිසා මෙම කලබලය ඇතිවූ බව වාර්තා වී තිබේ.
මට්ටක්කුලිය පොලිස් වසමේ ක්‍රිස්තියානි පල්ලියක් සහ ඊට යාබදව ඇති පාසලක් අසල සැකකටයුතු වාහනයක් තිබෙන බවට මට්ටක්කුලිය පොලිස් ස්ථානයට තොරතුරක් ලැබීමෙන් අනතුරුව ඒ පිළිබඳව පරීක්ෂා කරන ලදී. සුඛෝපභෝගී මෝටර් රථයක් 15 වන ඊයේ දින රාත්‍රීයේ කාර්මික දෝෂයකට ලක්ව අයිතිකරු විසින් එම ස්ථානයේ තබාගොස් ඇත.
16 වන අද දින උදෑසන පාසලට ශිෂ්‍යයින් පැමිනෙන අවස්ථාවේදී එය දැක ශිෂ්‍යයින් සහ දෙමවුපියන් කලබලයට පත්ව ඇත. එම වාහනයේ අයිතිකරුද මේ වන විට එම ස්ථානයට පැමිණ ඇති අතර මේ පිළිබඳව නොයෙකුත් අසත්‍ය ප්‍රචාර පැතිරෙමින් පවතී, එහි කිසිම සැකකටයුතු තත්වයක් නොමැති බව පොලීසිය අවධාරණය කර සිටී.