හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන හැටන් බොස්කෝ විද්‍යාලයේ ප්‍රාථමික
සිංහල අංශයේ තුන්වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන සිසුවෙකුට එම විදුහලේ ගුරුවරයෙකු විසින් පොල්ලකින්
අමානුෂික ලෙස පහර දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හැටන් පොලිසිය විමර්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
ආර්.දර්ශන නැමති එම සිසුවාට ඉකුත් 11 දින එම විදුහලේ
ගුරුවරයෙකු විසින් සිසුවාගේ  පිට කොන්දට,
දෙපයට සහ අත්වලට අමානුෂික ලෙස පහරදී ඇති අතර පහර දිමෙන් තුවාල ලැබු සිසුවා දැඩි
වේදනාවෙන් නිවසට පැමිණ දෙමව්පියන්ටද ඒ පිලිබදව නොකියා සිසුවා පාසල් නොගොස් අසනිප තත්වයෙන්
නිවසේ රැදී සිටිම පිලිබදව සැක සිතූ
එම සිසුවාගේ වැඩිමහල් සොහොයුරිය තම සොහොයුරාගෙන් කරුණු
විමසිමේදි සොහොයුරා ඇද සිටි කමිසය ගලවා තමන් විදුහලේ ගුරුවරයෙකු විසින් පොල්ලකින් පහර දුන් බවත්,
 තවදුරටත් තමන්ට පාසල් යාමට නොහැකි බව පැවසු බව එම සිසුවාගේ සොහොයුරිය වන ආර්.මලර් පවසනවා.

හැටන් ඩන්බාර් විදියේ පදිංචිව සිටින එම සිසුවාගේ පියා කුලි වැඩ කරමින් තම දරුවන් රැක බලා ගන්නා
අතර , පාසලේ අධ්‍යාපන කටයුතු කිරිමට ඉතා දක්ෂ සිසුවෙකු බවත්, එම සිසුවා චිත්‍ර ඇදිමට දැඩි
උනන්දුවක් දක්වන බවයි ප්‍රදේශවාසින් පවසන්නේ.

පහර කෑමෙන් තුවාල ලබා දැඩි වේදනාවින් සිටි පාසල් සිසුවාට එම සිසුවාගේ පියා විසින් ඊයේ (15)
රාත්‍රි දික්ඔය මුලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් දික්ඔය මුලික රෝහලේ රෝහල් පොලිසිය විසින් හැටන් මුලස්ථාන පොලිසිය වෙත මේ
පිලිබදව කරුණු වාර්තා කර ඇති අතර දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරයෙකු පැවසුවේ සිසුවාට පහර දිම
නිසා ශරිරයේ ස්ථාන 8 ක පමණ තැලිම් සහ තුවාල සිදු වි ඇති බවයි.

අප මේ පිලිබදව හැටන් බොස්කෝ විදුහලේ සිංහල අංශයේ ගුරුවරියෙකුගෙන් අප කල විමසුමකට එම ගුරුවරිය
 කියා සිටියේ රෝහල් ගත කර සිටින සිසුවා අවස්තා කිහිපයකදිම පාසලේ අනික් සිසුන්ගේ පාට පැන්සල්
සොරකම් කිරිම සම්බන්ධයෙන් අවවාද කර සිටි සිසුවෙකු බවයි.

ඉකුත් සිකුරාදා (11) එවැනිම සොරකමක් සිදුකිරිම සම්බන්ධයෙන් විදුහලේ ගුරුවරයෙකු විසින් සිසුවාව
යහමගට ගැනිමේ චේතනාවෙන් අවවාද කර වේවැලකින් පහරවල් කිහිපයක් ගසා ඇති බවයි.


හැටන් රංජිත් රාජපක්ෂ