හෝමාගම ගොඩගම පාළු අතුරු මාර්ගයකදී කාන්තාවක අපයෝජනය කිරීමට උත්සහ කළ බව කියන කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරයෙකු (20දා) අත්අඩංගුවට ගත් බව මීගොඩ පොලීසිය පවසයි.

කාත්තාවගේ සැමියා පහරදීමෙන් සැකකාර ශිවදයවරයාද ශිහාමාගම මූලික රෝහලේ අංක තුන වාට්ටුවේ ප්‍රතිකාර ලබන අතර කාන්තාවද එම රෝහලේම මූලික ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවට පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි. සිද්ධියට මුහුණ පෑ කාන්තාව විසි හය හැවිරිදි වියේ පසුවන්නියක් වන අතර සැකකාර වෛද්‍යවරයා හතළිස් තුන් හැවිරිදි වියේ පසුවන ගොඩගම ප්‍රදේශයේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන්නෙකු බව පොලීසිය සඳහන් කරයි. සිද්ධියට මුහුණපෑ කාත්තාව, සිය දරුවාට ගොඩගම හන්දියේ පොත් හලකින්
පොත් කීපයක් මිලට ගෙන
පාළු මාර්ගය ඔස්සේ පා ගමනින් නිවස කරා පැමිණෙමින් සිටියදී මෝටර් රථයකින් පැමිණ තිබූ සැකකාර වෛද්‍යවරයා, කැලෑබද පෙදෙසකදී තරුණියට හිරිහැර කර ඇතැයිද, මෙම අනපේක්ෂිත සිදුවීමෙන් මහත් තැති ගැන්මකට ලක්වූ කාන්තාව කෑ ගසමින් එම ස්ථානයෙන් පලා යාමේදී වෛදවරයාද දිව ගොස් ඔහුගේ මෝටර් රථයේ නැගී පලාගොස් තිබූ බවද පොලීසිය පවසයි. වෛද්‍යවරයාගේ නිවසට පැමිණි අදාළ කාන්තාවගේ සැමියා, ඔහුට පහර දී එම මෝටර් රථයේම ඔහුව පොලීසිය වෙත රැගෙන ඒමට කටයුතු කර ඇත්තේ ඉන් අනතුරුව බවද පොලීසිය සදහන් කරයි.සැකකරු හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මීගොඩ පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක නිලන්ත ගමගේ මහතාගේ උපදෙස් මත සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඒකනායක මහතා පරීක්ෂණ පවත්වයි,

බණ්ඩාරගම - බිමල් ශ්‍යාමන්, ම‍ත්තෙගොඩ - ශාන්ත ප්‍රදීප් කුලරත්න