https://www.gossiplankanews.com/2019/10/thondaman-gotabhaya.html
දිරි ජනාධිපතිවරණයේදී ලංකා කම්කරු කොංග්‍රසයේ සහය, ශ්‍රීලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂ මහතා වෙත ලබාදීමට තීරණය කළ බව එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී
අරුමුගම් තොණ්ඩමන් මහතා ප්‍රකාශ කළේය. ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ හැටන්-කොටගල, පිහිටි ලංකා කම්කරු කොංග්‍රස් පක්ෂ මූලස්ථානයේ අද(13) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
වතුකරයට බලපාන ප්‍රධාන

ගැටළු 32 සම්බන්ධයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සාකච්ඡා පැවැත්වු බවත්, එම සාකච්ඡාවලට ලැබුණු ප්‍රතිචාර සම්බන්ධයෙන් තම පක්ෂයේ විධායක සභාව වෙත කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව

විධායක සභාව ජනාධිපති අපේක්ෂක ගොඨාභය රාජපක්ෂ මහතාට පුර්ණ සහයෝගය ලබදිය යුතු බවට තීරණය කළ බව තොණ්ඩමන් කියා සිටියේය.

වතුකරයට විශ්ව විද්‍යාලයක් , වතුකරයේ ජනතාවට සාධාරණ වැටුපක් , රාජ්‍යය සේවයට වතුකරයේ තරුණ තරුණියන් බදවා ගැනිම් , වතු රෝහල් රජයට පවරා ගැනිම , වතු කම්කරු නිවාස ප්‍රශ්නය විසදිම , වතු කම්කරුවන්ට හිමිකම් ඔප්පුවක් සමග ඉඩම් ලබා දිම ඇතුළු කරුණු 32 සම්බන්ධයෙන් ලංකා කම්කරු කොන්ග්‍රසය විසින් ඉදිරිපත් කර ඇති කරුණු 32 ට ඇතුලත්ය .