මෙවර ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජයග්‍රහණය කළාට එය ජනපතිවරණයට කිසිසේත් ආදේශන ප්‍රතිඵලයක් නොවන බව එස්එම් මරික්කාර් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

මීට පෙර

ජනපතිවරණ හා මහමැතිවරණ එජාප ජයග්‍රහණය කළේ ඇල්පිටිය පැරදී තිබියදී බව ඔහු කියා සිටියේය.
කෙසේ වෙතත් මෙම මැතිවරණ ප්‍රතිඵලයෙන් පෙනී ගිය වැදගත්ම කරුණ නම් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හා ශ්‍රී ලනිප මන්ත්‍රී එක්වීම දැනදැනත් ඇල්පිටියේ ජනතාව පොහොට්ටුවට ඡන්දය නොදී සිටීම බවත් සියයට 12ක් එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවෙන්  ශ්‍රීලනිප හිතවාදීන් සලකුණු කළ බවත් කියා සිටියේය.
 මීට දින දෙකතුනකට ඉහතදී මන්ත්‍රීවරුන්ගේ ගිවිසුම් ගතවීම ගම් මට්ටමේ ශ්‍රීලනිප පාක්ෂිතයින් අනුමත කර නැති බව මෙයින් පෙනී යන බව ඔහු කියා සිටියේය.