පාකිස්තානු නීත්‍ය නායක සෆ්‍රාස් අහමඩ් එරට විස්සයි 20 හා ටෙස්ට් නායකත්වයෙන් ඉවත් කිරීමට පාකිස්තානු ක්‍රිකට් ආයතනය පසුගිය 18දා තීරණය කළේය. පිතිකරුවෙකු මෙන්ම කණ්ඩායමේ නිත්‍ය කඩුලු රකින්නාද වන සර්ෆාස‍්‍, පසුගිය කාල සීමාවේ පාකිස්තානු කණ්ඩායම වෙනුවෙන් ලබාදුන් උදාසීන දායකත්වය ඔහුට
නායකත්වය අහිමිවීමට හේතු වී තිබේ.  සර්ෆාස‍්‍ගේ ඉවත් කිරීමට ආසන්නතම හේතුවක් ලෙස ශ්‍රී ලංකාවට එරෙහි විස්සයි20 තරගාවලියේදී පාකිස්තානු කණ්ඩායම දැක් වූ දුර්වල ක්‍රීඩා විලාසයද ප්‍රධාන වශයෙන් බලපෑ කරුණක් විය. මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව හමුවේ තරග 3-0ක පරාජයක් අත්විදීමට
පාකිස්තානයට සිදු වූ අතර, පාකිස්තානු විස්සයි 20 තරග ඉතිහාසයේ ඔවුන් එවැනි පරාජයක් (පූර්ණ තරගාවලි) අත්විදි පළමු අවස්ථාව විය විය.කෙසේ නමුත් පාකිස්තානය තවමත් විස්සයි 20 ශ්‍රේණිගත කිරිම් හි ලොව අංක එකේ කණ්ඩායම වන අතර, ඔවුන් මෙතෙක් එම ගමන පැමිණියේ සර්ෆාස‍්‍ගේ නායකත්වය යටතේය.
මේ අනුව පාකිස්තානයේ නව විස්සයි 20 නායකයා ලෙස ලොව විස්සයි 20 පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හිද පෙරමුණේ පසුවන නවක ක්‍රීඩක බාබර් අසාම් පත්කර තිබේ. අසාම් බොහෝ දුරට එළඹෙන විස්සයි 20 ලෝක කුසලානය තෙක් නායකත්වයේ කටයුතු කරනු ඇති බවටද වාර්තා වේ. මේ අතර පාකිස්තානු වෙස්ට් නායකයා ලෙස අසාර් අලි නම් කර තිබේ. අසාර් මීට ඉහතදී පාකිස්තාන ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය හොබවා ඇත. කෙසේ නමුත් එරට එක්දින නායකත්වය වෙනස් කිරීම සමිබන්ධයෙන් එරට බලධාරීන් මෙතෙක් තීරණයක් ගෙන නොමැත. ඒ අනුව පාකිස්තානය ඉදිරියේදී සිදුකිරීමට ඔට්‍රේලියානු සංචාරය බාබර් හා අසාට සිය නායකත්වය යටත් මුහුණදීමට සිදුවන පළමු තරගාවලිය වේ. මෙම තරගාවලියට විස්සයි 20 තරග 03ක් හා වෙස්ට් තරහ. 02ක් ඇතුළත් වේ.