ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර දෙවන විස්සයි 20 තරගය ලකුණු 35 කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.
කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව
ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.
නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් අහිමිවීමව ශ්‍රී ලංකාව ලකුණු 182 ක් රැස් කළේය.
ඒ අනුව පන්දු 48 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 77 ක් රැස් කිරීමට භානුක රාජපක්ෂට හැකි විය.
මෙහිදී ලකුණු 77 ක් ලබාගෙන දස්කම් දැක්වූ නැගී එන ක්‍රීඩක භානුක රාජපක්ෂ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ ඥාතියෙකි.
ඊට පිළිතුරු වශයෙන් පාකිස්තානයට පන්දුවාර 19 කදී ලබා ගත හැකි වූයේ ලකුණු 147 ක් පමණි.
පාකිස්තානයේ ඉමාඩ් වසීම් ලකුණු 47 ක් රැස් කළේය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් නුවන් ප්‍රදීප් කඩුලු 4 ක් ද, වනින්දු හසරංග කඩුලු 3 ක් ද දවා ගත්තේ ය.
ඒ අනුව, එම තරඟයත් සමගින් තරඟ දෙකක් ජයග්‍රහණය කිරීම හේතුවෙන් තරගාවලියේ තවත් එක් තරගයක් තිබියදීත් පාකිස්ථානය සමඟ විස්සයි විස්ස තරගාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකාවට හැකි ව ඇත.
භානුක රාජපක්ෂ ගැන වැඩි විස්තර පහළින්ම ඇත.