ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු අංගනයේ කොටසක් නාය යාමට ලක්ව ඇතැයි වාර්තාවේ.
පාර්ලිමේන්තුවේ  මන්ත්‍රීවරුන්ගේ ප්‍රවේශ දොරටුව දෙසට වන්නට
පිහිටි බෝධින් වහන්සේ
අබියස අංගනයේ අඩි 20 ක කොටසක් දියවන්නා ජලාශයට කඩාගෙන ගොස් ඇත.
පසුගිය දිනවල ඇතිවූ දැඩි වර්ෂාව අවස්ථාවේදී පාර්ලිමේන්තු භූමිය යටවීමේ අවදානමක් ද මතුවූ අතර මේ නිසා මම ස්ථානය තෙතබරිත ස්වරූපයකින් පැවතිණි.
කඩා ගිය කොටස යළි සකස් කිරීමට අවශ්‍ය පිළිසකර කිරීමේ කටයුතු ඉදිරි දිනවල සිදු කරනු ඇති බව වාර්තාවී තිබේ.