ඊයේ මැතිවරණ කාර්යාලයේදී ඉදිරි ජනපතිවරණය සදහා නාමයෝජනා භාරදීමේ අවස්ථාවේ ජනපති අපේක්ෂකත්වයට නුසුදුසු අයවලුන් ලෙස විරෝධතා දෙකක් එල්ලවූ බව වාර්තා විය.
මෙම විරෝධතා අවේ කාටදැයි
කොමිසමේ සභාපතිවරයා මුලදී
සදහන් කළේ නැති නමුත් දන්වා සිටියේ මැතිවරණ පනතේ විධිවිධාන අනුව එම විරෝධතා සලකා බැලීමටවත් නොහැකිව ඉවත දැමූ බවයි.
වාර්තාවන ආකාරයට මෙම විරෝධතා 2 න් එකක් එල්ල කර තිබෙන්නේ උතුරු පළාත් හිටපු මන්ත්‍රී සිවාජිලිංගම් මහතා වෙතය.

 එම චෝදනාව දන්වා ඇත්තෙ තවත් ජනපති අපේක්ෂකයෙකු වන නව සිහළ උරුමය නියෝජනය කරන සරත් මනමේන්ද්‍රයි. ඔහු දැක්වූ විරෝධතාව කොමිසම විසින් පිළිගත්තේ නැත.
දෙවැනි විරෝධතාව ගොනු කර තිබෙන්නේ එම්එල්.ඒ.එම්. හිස්බුල්ලා ටය. ඔහුට එරෙහිව විරෝධතාව ගොනු කර ඇත්තේ තවත් ජනපති අපේක්ෂකයෙකු වන බත්තරමුල්ලේ සීලරතන හිමිය. එම විරෝධතාවද කොමිසම විසින් පිළිගත්තේ නැත.