https://www.gossiplankanews.com/2019/10/son-song-request-tv-father-dies.html
සුගිය සතියේ රූපවාහිනී නාලිකාවක ගීත ඉල්ලුම් කරන වැඩසටහනකදී නරඹන්නෙකුගෙන් ලැබුණ ඇමතුමක් පිළිබද අසාමාන්‍යතාවයක් හදුනාගන්නට ලැබේ.
තමා අද නිවාඩු දවසේ වීවේකයෙන් සිටිමින් ගීතයක් ඉල්ලුම් කරන බවත්
පොඩි අකරතැබ්බයක් නං උදේ වුණා ලෙස

මෙම නරඹන්නා දුරකථනයෙන් පවසන අතර ටික වේලාවකින් නිවේදිකාවද නොසන්සුන් කරමින් ඔහු පවසන්නේ උදේ තාත්තා අන්තරා වුණා ලෙසිනි.
එයට නිවේදිකාව තරමක් නිහඬවී ඇගේ ශෝකය පළකළත් ඔහුට ගාණක් නොතිබුණා මෙනි.

ඉන්පසු ඔහු කිසිදු විශේෂයක් නැතිව ගීතයට එකතු කරගන්නා මිතුරන්ගේ නම් වැලක්ද කියා සිටින අතර ඉල්ලා තිබුනේ ප්‍රේම ගීතයකි.

මෙම අසාමාන්‍ය අවස්ථාව සම්බන්ධ වීඩියෝව පළවීමෙන් පසු සමාජ මාධ්‍ය තුළද දැඩි විවේචනයක් ඇතිව තිබේ. මාපිය බැදීම් වලට ඉහළ තැනක් දෙන සංස්කෘතියක් තුළ මේ ආකාර සංසිද්ධි පිළිකුලට ලක් කරමින් අදහස් පළවී තිබේ.
එම අවස්ථාවේ වීඩියෝව මෙසේය.