අයියනායක කවිපන්තිය කට පාඩම් කර ගැනීමට අමතක වූ දරුවකු දේශපඥයකුගේ පියෙකු විසින් ලියන ලද කවි පන්ති කාමරය තුළ ගායනා කිරීම් නිසා එම දරුවා දණ ගැස්සු පුවතක් මාදිපොළ පාසලෙන් වාර්තා විය.
මෙම දරුවාගේ පියා මැතිවරණ කාලයට ගසට පොත්තමෙන් බැඳී කටයුතු කළ අයෙකි.මෙම දේශපාලන කටයුතු සඳහා ලියා තිබෙන බැනර් හා කවිකොළ ගෙදර රැගෙනගොස් දරුවන්ට පෙන්වීම ඔහුගේ දින චර්යාවක් විය.

එම දරුවන් ද එම කවිකොළ කියවා කට පාඩක කර ගැනීම සිදු කරන්නේ ඉතා ආශාවන් හා උනන්දුවෙන් යුතුය.දිනක් එම සිසුවාට පාසල් සිංහල විෂය
උගන්වන ගුරුවරයා පවසා ඇත්තේ අයියනායික කවි පන්තිය කටපාඩම් කරගෙන එන ලෙසය. පසුදින සිංහල විෂය භාර ගුරුවරයා පන්තියට පැමිණ එක් එක් සිසුවා නැගිටවමින් කවිපත්තිය ගායනා කරන ලෙස පැවසීය.

සිසුන් කීප දෙනෙකු නිවැරදිව ගායනා කළේ ද ඉහතකී සිසුවා එම කවි පත්තිය වෙනුවට දේශපාලනඥයාගේ  පියා විසින් රචිත කවිපත්තිය ගායනා කළේය.  එම අවස්ථාවේ සිංහල විෂය භාර ගුරුවරයා විසින් එම සිසුවාව කනෙන් ඇදගෙනගොස් අව්වේ දන ගස්සා ඇත.

දන ගසාගෙන සිටින විට ඔහුගේ පෙම්වතිය ඒ අසලින් ගොස් ඇති  අතර කාරණාව තේරුම්ගෙන ලැජාවට පත් ඇය එම මොහොතේම ප්‍රේම සම්බන්ධය නවත්වා ඇත. මේ පිළිබඳව එම සිසුවා අදද එම මතකය අවදි කරන්නේ හැඟීම්බරවය.