ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කර පළමු සතිය ඇතුළත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් විජයග්‍රහණය සඳහා තීරණාත්මක කඩඉමක් පසු කළ බව පාර්ළිමේන්තු මන්ත්‍රී රමේශ් පතිරණ මහතා පැවසීය.
හෙතෙම මේ බව පවසා සිටියේ, බත්තරමුල්ල, නෙළුම් මාවතෙහි පිහිටී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු
මූලස්ථානයේදී ඊයේ (10) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.ශ්‍රී ලංකා නිදහස් පක්ශයේ එක්වීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නෑදෑයන් එක්වූවා වැනි හැගීමක් ගෙනදෙන බවද ඒ මහතා පවසා සිටීය.එහිදී මන්ත්‍රීවරයා මාධ්‍ය හමුව අමතමින් වැඩිදුරටත් පවසා සිටියේ,
"අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වගේම එජාප විරෝධී සියලු වාමවාදී බලවේගවලට ඉතාම සතුටුදායක
දවසක්. අපට දැනෙන්නේ සහෝදරයන් නැදෑයන් අපට එකතු වුණා වගේ හැගීමක්, අපි මේ වෙලාවේ විශ්වාස කරන්නේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරලා පළවැනි සතිය ඇතුලත අපි
විජයග්‍රහණය සදහා, තීරණාත්මක කඩඉමක් පසු කළ බවයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදියට අපට ලක්ෂ 52ක ඡන්ද ප්‍රමාණයක් තිබෙන බව පසුගිය පළාත් පාලන මැතිවරණයේදී හොදින්ම පැහැදිළි වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලක්ෂ 15ක් පමණ ඡන්ද ප්‍රමාණයක් තිබෙන පක්‍ෂයක් විදිහට පසුගිය මැතිවරණවලදී පැහැදිළි කරගැනීමට හැකි වුණා. ඒ අනුව ගෝඨාභය රාජපක්‍ෂ මහතා තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරන්නේම ලකෂ 65ක ද ප්‍රමාණයකින්. ඒ නිසා අපි කියන්න කැමතියි අපි දැන් ඉන්නේ විජයග්‍රහණය අභිමුව කියලා, පසුගිය වසර හතරහමාරක යහපාලන රජය අවසන් කිරීමේ පළමු සංඥාව දැන් නිකුත් වෙලා තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරණ සටන ආරම්භ කරන්නේ ලක්ෂ 37ක පමණ ජන්ද ප්‍රමාණයකින්.මේ තියන තත්ත්වය අනුව එජාපයට ඒකතු වීමට අපේක්ෂා කරන සුළු පක්ෂ සහ
විවිධ ජාතීන්ට අයත් පක්ෂ නමින් එජාපයට චීකතු වීම පිළිබඳ නැවත වරක් සිනා බලනු ඇති, අපි විශ්වාස කරන්නේ හෙට පැවැත්වෙන ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණමයේදී එජාපය තවදුරටත් කඩාවැටනු ඇති බචයි. අපි ජනතාවට කියන්නේ රණවිරුවන්ට ගෞරවයෙන් ජීවත් වන්න පුළුවන් සමාජයක් ඇති කරන්නත් දේශපාලන පළිගැනීම් නවත්තන්නත් නිදහස් නිවහල් දේශයක් බීහිකර ගැනීම සදහාත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්වෙන්න කියලා" යනුවෙනි.

නිඳර්ශනී වික්‍රමසිංහ