https://www.gossiplankanews.com/2019/10/sarath-fonseka-speaks.html
යේ පැවැති මාධ්‍ය හමුවකදී ෆීල්ඩ් මාර්ෂල්  සරත් ෆොන්සේකා විසින් ගෝඨාභය රාජපක්ෂගේ හමුදා සමය ගැන විස්තරයක් කරනු ලැබ තිබේ. එහි උපුටනය පහත පරිදිය.
'ගෝඨාභය රාජපක්ෂ ලෝක වාර්තාවක් තියලා තියනවා. මුළු ලෝකයේම රෙජිමේන්තු 4 කට මාරු වෙවි යන්න වුණ එකම නිලධාරියා. මගේ සිංහ රෙජිමේන්තුවට එතුමා ආවේ දෙවැනියට. එහිදී එතුමාට ඉතාම අප්‍රසන්න අත්දැකීමක්
ලැබුණා. සෙබළුන්ගේ මානුෂීය අයිතිවාසිකම් සුබසාධනය ගැන ඔහු අද කථා කරන නිසා මං මේක කියන්නේ. මේවා ලිඛිතව වාර්තාගතව තියනවා.එතුමා සේවය කරන කාලයේ පොළොන්නරුවෙ සුදු කන්ද දුෂ්කර ප්‍රදේශයේ සෙබළු වගයක් එක්ක කැලේ පුහුණුවට ගිහාම  සෙබළෙක් පපුව රිදෙනවා කියල බිම දිගාවුණා.


එතුමා ඒ අය භාරව හිටියේ. මෙතුමා කියල තිබුණ බිම වැටුණ කෙනා අනෙක් අය බිම දිගේ ඇදගෙන යන්න කියලා. මෙතුමා සෙබළට පයින් ගහගහ පස්සෙන් ගියා. ටික දුරක් යනකොට සෙබළා මැරුණා. ඊට පස්සෙ සෙබළු වටවෙලා මෙතුමට ගැහුවා. ගැහුවාම මෙතුමා පැනලා ගියා. ඊට පස්සෙ මාසයක් වැඩට වාර්තා කළෙත් නෑ. නුගේගොඩ ගෙදර හිටියා. සෙබළු ගෙදට්ටත් ගිහින් ගැහුවා. ඊට පස්සෙ මෙතුමා සිංහ රෙජිමේන්තුවට ආවෙ නෑ.

එතනින් ගියා 'රජරට රයිෆල්' කියල ඒ කාලෙ තිබුණ වෙන රෙජිමේන්තුවකට. එතනත් තරුණ නිලධාරීන් එක්ක කල්ලි හැදිලා එක එක ප්‍රශ්න දාන්න හදලා තිබුණා. ඒ කාලෙ වෙන අයෙකු සෙබළෙකුට වෙඩි තැබීමේ සිද්ධියක් නිසා  ඒ රෙජිමේන්තුවම විසිරුවා හැරියා. ඊට පස්සෙ ගියා ගජබා රෙජිමේන්තුවට. ජෙනරල් විජය විමලරත්නගෙ දෙවැනියා හැටියට ඒකෙ හිටියා. ඒ කාලෙ මෙයා කල්ලියක් හදාගෙන විජය විමලරත්නට අණ දෙන්න දුන්නෑ ඒ කාලෙ. ඒ කාලෙ ලොකු ප්‍රශ්නයක් තිබුණා.

නමුත් දැන්නම් එයා කියනවා විජය විමලරත්නගෙ ගෝලයෙක් මං කියලා.
මං අවුරුදු 40 ක් හමුදාවේ. හමුදාවෙ හිටිය හින්දා මේ දේවල් අපි හොඳටම දන්නවා.
මෙයා ඇමරිකාවට ගියේ ලුතිනන් කර්නල් විදිහට අවුරුදු 20 සම්පූර්ණ කරලා

හමුදාව අත්හැරලා ගියේ. එයාට ලුතිනන් කර්නල් කෙනෙකුට හිමි විශ්‍රාම වැටුප ලැබෙනවා. අවුරුදු 20 ඉවර වුණාම එක දවසක්වත් එයා සේවය කරේ නෑ.

පුද්ගලික හේතු මත යන්න ඕන කියලා එයා හමුදාවෙන් විශ්‍රාම ගියා. සටනේ සිදුවූ දේවල් අනුව එවකට නියෝජ්‍ය ආරක්ෂක ඇමති ජෙනරල් රන්ජන් විජේරත්න තීරණයක් ගත්තා ගෝඨාභය රාජපක්ෂ යුද්ධාධිකරණයක් හමුවට ගෙනියන්න.

මහින්ද රාජපක්ෂ මන්ත්‍රී ඒ කාලෙ. ගොඨාභයයි මහින්දයි ගිහින් ජෙනරල් රන්ජන් විජේරත්න හම්බුවෙලා ඒ කාලෙ කතා කරල තියනවා. ලැබුණ තොරතුරු අනුව රන්ජන් විජේරත්නට වැඳලා යුද්ධාධිකරණය හමුවට දාන්න එපා මට හමුදාවෙන් යන්න දෙන්න අස්වෙලා කියලා ඉල්ලීමක් කළාලු.ජෙනරල් රන්ජන් ඒ වෙලාවෙ ඉල්ලීමට ඉඩදීලා තියනවා. ඒක කියන්න ලැජ්ජ හින්දා එතුමා දැන් කියනවා මං පුද්ගලික හේතු හින්දා අස්වෙලා ගියා කියලා'