https://www.gossiplankanews.com/2019/10/samitha-samanmalee-bronze.html#more
මීට වසර 11කට පෙර කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවැති ප‍්‍රදර්ශනයක් අතරතුර සිදුවූ අනතුරකින් ආබාධිත තත්ත්වයට පත්වූ වෛද්‍ය සමිතා සමන්මලී දෛවයට අභියෝග කරමින්
ආසියානු පැරා ඔරු

පැදීමේ තරගාවලියේදී ජාත්‍යන්තරය ඉදිරියේ
ශ‍්‍රී ලංකාවට අභිමානයක් රැගෙනවිත් තිබෙයි.
එහිදී කේවළ කාන්තා ඔරු පැදීමේ ඉසව්වෙන්
ශ‍්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් දිනා දීමට වෛද්‍ය සමිතා සමන්මලීට හැකිවිය.
මෙම තරගාවලියේදී පිරිමි ඔරු පැදීමේ ඉසව්වෙන් ශ‍්‍රී ලංකාවට රිදී පදක්කමක් දිනාදීමට එම්. පී. ජයකොඩි සමත්ව තිබේ.
වෛද්‍ය ශිෂ්‍යාවකව සිටියදී අනපේක්ෂිත ලෙස අනතුරකට ලක්වූ  සමිතා සමන්මලී පැවරූ නඩුවෙන් ජයගත් අතර කෝටි 18 ක විශාල වන්දියක් ගෙවිමට බීඒම්අයිසීඒච් පාලනාධිකාරියට සිදුවිය.
මේ වනවිට වෛද්‍යවරියක් වන ඇය ඔරුපැදීමේ දස්කම දැක්වූයේ දකුණු කොරියාවේ දැන් පැවැත්වෙන තරගාවලිය අතරතුරදීය.