හිටපු ක්‍රීඩා අමාත්‍ය සහ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුවේ වැඩිදුර විභාගය ජනවාරි මස 16 වන දා දක්වා තැබීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

කොළඹ මහාධිකරණ
විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ මෙම නඩුව කැඳවනු ලැබීය.

එහිදී විනිසුරුවරයා නියෝග කර සිටියේ මෙම නඩුව ජනවාරි මස 16 වනදා සහ 17 වනදා යන දිනවල විභාගයට ගන්නා බවයි.

එදින සාක්ෂි දීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ද සාක්ෂිකරුවන්ට විනිසුරුවරයා අවවාද කළේය.

ඉකුත් රජය සමයේ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 27 ක මුදලක් වැයකර කොළඹ කින්සි පාරේ නිවසක් මිලදී ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත් ගමගේ මහතාට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොනුකර තිබේ.