https://www.gossiplankanews.com/2019/10/sajith-maithri-discussion.html
සුගියදා ජනපති මෛත්‍රිපාල සිරිසේන හා ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස අතර සුවිශේෂී රහස් හමුවක් පැවැත්විණි.මෙම හමුවේදී කථාකළ දේවල් මොනවාදැයි ජනපතිගේ පාර්ශ්වයෙන් හෙළි නොවූ අතර සජිත්ගේ පාර්ශ්වයෙන් කියැවුනේ රටේ වාතාවරණය ගැන
පමණක් කතා කළ බවයි.
ඒ ගැන සජිත් පැමිණි මාධ්‍ය හමුවකදී දිගින් දිගටම කරුණු විමසද්දී ඔහු නැවත නැවත කියා සිටියේ මං එක පාරක් කිව්වනේ රටේ වාතාවරණය ගැන පමණයි කතා කළේ යනුවෙනි.
නමුත් ඇත්ත වශයෙන්ම සිදුව ඇත්තේ සජිත් මෛත්‍රී අතර අමුතු

ගනුදෙනුවක් ගැන මෛත්‍රී පාර්ශ්වයෙන් යෝජනාවක් ගෙන ඒම බව දේශපාලන ආරංචි කණින් කොනින් වාර්තා කර තිබේ.

සජිත් ප්‍රේමදාස හා ජනාධිපති ‍මෛත්‍රිපාල සිරිසේන අතර පෙරේදා (01දා) රාත්‍රියේ පැවැති සාකච්ඡාව අතරතුරදී ජනපති මෛත්‍රී විමසා ඇත්තේ රනිල් දාපු කොන්දේසි මොනවාද යන්නයි. එසේම සජිත් ජනපති තනතුරට තේරුනොත් රනිල්ට ලැබෙන වරප්‍රසාද මොනවාද යන්නයි. දිගින් දිගටම රනිල් ගැන මෛත්‍රී ප්‍රශ්න කර ඇත්තේ එලෙසිනි.

අනතුරුව තමා මෙහි පැමිණියේ රනිල් නායකතුමා ගැන කථාකරන්නටදැයි සජිත් විමසා ඇති බවද වාර්තාවී ඇති අතර එම අවස්තාවේ ජනපතිවරයා දන්වා ඇත්තේ රනිල් තමයි ප්‍රශ්නේ.. අපි තාම පොහොට්ටුවට හේත්තු වෙලා නෑනේ. බැසිල් අදත් කතාකරලා ගියා ඒත් මෙකෙ තීරණයක් කෙලවරක් නෑනේ.. ඒත් සජිත් මං ඔයාට කැමතියි. මතක තියාගන්න ඔයා එනවනම් විතරයි කැමති.රනිල් ඕන නෑ ඒකයි මං කියන්නේ..
පවසා ඇත. එසේ නම් කවරක් යෝජනා කරන්නේදැයි

සජිත් විමසා ඇති අතර එම අවස්ථාවේ ජනපතිවරයා දන්වා ඇත්තේ

තමන් ශ්‍රීලනිපයේ ඡන්ද කොන්දේසි සහිතව සජිත් වෙනුවෙන් පරිත්‍යාග කරන්නට කැමති බවයි. එම කොන්දේසි මොනවාදැයි සජිත් විමසා ඇති අතර සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබාදීමට නම් ඔහු ජනාධිපති වුවහොත් රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය ධුරය ලබා නොදිය යුතු බවටත් ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරයට අග්‍රාමාත රනිල් එක්කර නොගත යුතු බවටත් කොන්දේසි ලෙස ඉදිරි පත් කර ඇත.
එම අවස්ථාවේ උඩබිම බලා ඇති සජිත් කිසිවක් කියා නැත.
සාකච්ඡාව එකඟතාවකින් තොරව අවසන් වී ඇතැයිද වාර්තා වේ.ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මේ ආකාර යෝජනාවක් පැමිණීම ගැන සජිත් පිල තවම අභ්‍යන්තර මට්ටමේ එජාප සාකච්ඡාවක් පමණක් පැවැත්වෙන බවත් වාර්තාවේ..එසේ වුවද පක්ෂ නායක රනිල් වීක්‍රමසිංහ මහතා අත්හැර යැමට හැකියාවක් නොමැති බව සජිත් ප්‍රේමදාස මහතා සමීපතමයින්ට දන්වා ඇති අතර ඉදිරියේදී ශ්‍රීලනිප හා සජිත් පිල අතර එකඟතාවක් ඒ අනුව ගොඩනොනැගෙනු ඇත.