අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර හා හිටපු ආරක්ෂක ලේකම්
හේමසිරි ප්‍රනාන්දු යන
මහත්වරුන්ට මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඇප නියම කිරීම නීතියට පටහැනි බව කොළඹ මහාධිකරණය මීට ටික වේලාවකට පෙර තීරණය කර තිබේ.

ඒ අනුව කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා නියෝග කළේ, මහේස්ත්‍රාත් අධිකරණය ලබා දුන් ඇප නියෝගය නිශ්ප්‍රභ කරන ලෙසයි.

ඒ අනුව පූජිත් ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේ ය.

මින් ඉහත  පූජිත් ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දු යන අය පාස්කු ප්‍රහාරයේ වගකීම සම්බන්ධ නඩුවේදී ඇප මත නිදහස්ව සිටි අතර මේ අනුව නැවත ඔවුන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතවනු ඇත.