https://www.gossiplankanews.com/2019/10/prabakaran-uniforms-found.html
මුලතිව්, පුදුකුඩිඉරිප්පු, ඉරණපලෙයි ප්‍රදේශයේ ඉඩමක වළ දමා තිබූ යකඩ පෙට්ටියක තිබී එල්ටීටීඊ සංවිධානයට අයත් නිල ඇඳුම් හා උපකරණ තොගයක්
හමුවී ඇති අතර එහි තිබූ එම ඇඳුම්
එල්ටීටීඊ

නායක ප්‍රභාකරන්ගේ විය හැකි බවට ආරක්ෂක අංශ සැකකරයි.
ඉරණපලෙයි ප්‍රදේශයේ වැසියකු සිය ඉඩම් ඉදිකිරීමක් සඳහා පොළව හාරමින් සිටිය දී මෙම  යකඩ පෙට්ටිය හමුවී තිබුණි.
එහි විශේෂත්වයක් වූයේ ප්‍රභාකරන්ගේ ඡායාරූපයක් සමග සටහනක් හා ප්‍රභාකරන් පාවිච්චි කළා යයි සිතිය හැකි ලිපි ද්‍රව්‍ය හා උපකරණ කිහිපයක් ඒ තුළ තිබීමය.
 ඒ පිළිබඳව පුදුකුඩිඉරිප්පු පොලිසියට හා යුද හමුදාවට දැනුම් දීමෙන් පසුව එම අංශ මගින් එම පෙට්ටිය පරික්ෂා කර තිබේ.‍ෙ
කොටි සාමාජිකයන්ගේ නිල ඇදුම් කීපයද ප්‍රභාකරන්ගේ ඡායාරූපයක සහ එල්වීටීඊ සංවිධානයේ යුද ක්‍රියාකාරකම් ඇතුළත් වීඩියෝ පටයක් ද එහි තිබූ බව ආරක්ෂක අංශ පසුව දැනුම් දුණි.. යුද සමයේ ආරක්ෂාව පිණිස මෙසේ යකඩ පෙට්ටියක දමා වළ දමා ඇත්තේ ප්‍රභාකරන්ගේ නිල ඇදුම් විය හැකි බවට සැකකරන බව ආරක්ෂක අංශ පවසයි. පුදුකුඩිඉරිප්පු පොලිසිය මේ පිළිබදව වැඩිදුර පරික්ෂණ සිදුකරයි.

-වන්නි රොමේෂ් මධුසංඛ-