පොල්ගහවෙල කු/ පරාක්‍රමබාහු මාධ්‍ය මහා විදුහලේ එස්.ඒ. ඉෂාර කසුන් ශිෂ්‍යයා කුඩා මෝටර් රථයක් නිපදවීමට සමත්ව තිබේ.එම පාසල් උසස් පෙළ ඉගෙනුම ලබන ඔහු එම රථය. සකසා ඇත්තේ යතුරුපැදියක එන්ජිම භාවිත කරමිනි. ඔහු විසින්ම එම රථයේ සැකිල්ල
සහ පාදයෙන් පෑගිය හැකි  පැඩලය, තිරිංග පැඩලය හා අක්සලේටරය පැඩලය අතින් ක්‍රියාත්මක කළ හැකි ජියරය වැනි දේ සැලසුම් කර නිර්මාණය කර ඇත.  මෙම රථයේ තිදෙනෙකුට පමණ ගමන් කළ හැකි බවත් තමන්ට මෙම රථය නිෂ්පාදනය කිරීමට රුපියල් විසිදහසක පමණ මුදලක් වැය වූ බවද හෙතෙම පැවසීය.
ඉදිරියේදී මෙම රථය තවත් වැඩි දියුණු කර ආබාධිත පුද්ගලයකුට භාවිත කළ හැකි ආකාරයට සැකසීම තම අරමුණ බවද හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.මෙම නිර්මාණය පිළිබද අදහස් දැක්වූ විදුහල්පති  ජේ.එස්. සුනිල් ජයකොඩි මහතා මෙසේ පැවසීය.
" ම‍ෙහි ඇති විශේෂය තමා මේ ශිෂ්‍යයා ඉංජිනේරු තාක්ෂණය හදාරන කෙනෙකු නොව ජෛව පද්ධති තාක්ෂණය හදාරන දරුවෙකු වීම. මෙි දරුවාගේ කුසලතාව ගැන මම විදුහල්පතිතුමා හැටියට ආඩම්බර වෙනවා,ඔහුගේ නිර්මාණ ශක්කිය තවත් වර්ධනය කිරීට අවශ්‍ය සහයෝගය ලබාදීමට බලාපොරොත්තු ව‍ෙනවා.තාක්ෂණ පීඨයේ අංශ ප්‍රධානී ඉසුරු සේනාධීර මහතා මෙසේ පවසා සිටියේය.
"පාසලේ ගුරුවරයෙකු විදිහට ඉල්ලන් මේ සැකිල්ල මෝටර් රථයක් බව පත් කරගන්න උදවු කරගන්න කියලයි. මෙහි ඇති වටිනාකම වන්නේ අඩු මුදලකට මෙය නිපදවා ගැනීමට හැකිවීමයි. ඒ වගේම මෙමගින් ආබාධිතයෙකුට ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ඒ නිසා අපි රජයෙන් සහ අනෙකුත් ආයතනවලින් ඉල්ලන්නේ මෙවැනි ශිෂ්‍යයන්ට ආධාර කර ඔවුන් දිරිමත් කරන ලෙසයි.”
     -පොල්ගහවෙල - ඩිමේෂ් අධිකාරී-