මෙවර ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා, එහි මහා ලේකමි අකිල විරාජ් කාරියවසම් මහතා සහ උපනායක රවී කරුණානායක මහත්වරුන්ගේ ඡන්දය හෝ සජිත් ප්‍රේමදාස මහතාට

නොලැබෙන බව ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරද‍ෙන අවස්ථාවේ එම නායකයන් ඊට එක්ව නොසිටීමෙන් ඔප්පු වී. ඇතැයි බස්නාහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා ප්‍රකාශ කළේය.
දේවප්‍රිය මහතා මේ බව ප්‍රකාශ කර සිටීයේ පෙරේදා (08දා) මහරගම හෝරා ස්ථම්භය
අසලදී පැවැති උත්සවයකට සහභාගි වෙමිනි. මහජන එක්සත් පෙරමුණ මගින් සංවිධානය කළ මෙම උත්සවය පැවැත්වූයේ මෙවර ජනාධිපතිවරණයට නාම යෝජනා භාර දීමෙන් අනතුරුව මහරගම ජනතාවගේ සහය ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පළකිරීම් උත්සවයක් වශයෙනි.
එහිදී වඩිදුරටත් අදහස් පළ කළ බස්නාහිර හිටපු ප්‍රධාන අමාත්‍යයවරයා," මෙවර ජනාධිපතිවරණයේදී පොහොට්ටුව ලකුණින් තරග වදින ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දෑවැන්ත ප්‍රතිරූපය ඉදිරීයේ සජිත් ප්‍රේමදාස මහතා නිතර කෑ  ගසන රැහැයියකුගේ තත්ත්වයට පත්ව තියෙනවා.

මුළු රටේම ජනතාවගේ ඡන්දයෙන් තේරී පත් වන ජනාධිපති ධූරය සජිත් ප්‍රේමදාස මහතාට දැරීමට නොහැකි තනතුරක් බවද ප්‍රේමදාස මහතා සහ සිය බිරිඳ මේ වන විට රටට සහ ජනතාවට පෙන්වා දී තිබෙනවා.ජනාධිපතිවරණයට නාම යෝජනා භාර දීමටත් පෙර ජලනී ප්‍රේමදාස මහත්මිය ජනාධිපති ආර්යාව බවට පත් වීමෙන් සහ සජිත් ප්‍රේමදාස මහතා ධර්මස්කන්ධය ලොවට දේශනා කල බුදුහිමියන්ට  පමණක් හිමි ශ්‍රී මුඛයට හිමිකම් පෑමෙන් පෙනී යනවා.ගෝඨාභය රාජපක්ෂ කියන්නේ අද රටේ අවශ්‍යතාවයක් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු මිසක් පොහොට්ටුව ඡන්ද ලකුණින් පෙනී සිටින අපේක්ෂකයෙකු නොවන බව අද මුස්ලිම් ජනතාව අවබෝධ කරගෙන සිටිනවා. අන්න ඒ නිසයි පක්ෂ භේදයෙන් තොරව සංවිධාන පක්ෂයක ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහතා එක් වී සිටින්නේ" යැයි ප්‍රකාශ කළේය.
මෙම අවස්ථාවේදී බස්නාහිර පළාත් හිටපු සුලෝචන ගමගේ, මහරගම නගර සභාවේ නාගරික මන්ත්‍රීවරු කිහිපදෙනෙකු සහ මහරගම විවිධ සේවා සමුපකාර සංගමයේ සභාපති හේමලාල් ජයසිරී යන මහත්වරුද අදහස් පළ කළහ.
 -අමිල සංකල්ප-