යාපනය පලාලි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් හෙට (17) පෙ.ව. 9.00ට විවෘත වේ.යාපනය පලාලි ගුවන් තොටුපොළ කලාපීය ගුවන් තොටුපොළක් ලෙස සංවර්ධනය
කිරීමෙන් පසු ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් වශයෙන් නම් කරනු ලැබ ඇත.යාපනය ජාත්‍යාන්තර ගුවන් තොටුපොළෙන් ලබන 1 වැනිදා සිට  යාපනය හා චෙන්නායි අතර ගුවන් ගමන් ආරම්භ කරන බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරි එච්.එම්.සී. නිමල්සිරි මහතා පැවැසීය.

ඉන්දිය ගුවන් සමාගමට අනුබද්ධිත එලයන්ස් ගුවන් සමාගම මඟින් යාපනය හා චෙන්නායි අතර ගුවන් ගමන් ආරම්භ කරන අතර ඒ. වී. ආ6.72 වර්ගයේ ගුවන් යානාවක් මේ සඳහා යොදවන බවල නිමලසිරි මහතා සඳහන් කළේය.එලයන්ස් ගුවන් සමාගම ඊයේ (15) චෙන්නායි සිට යාපනය ගුවන් තොටුපොළ දක්වා සිදුකළ අත්හදා බැලීමේ චාරිකාව සාර්ථක වූ බවද ඔහු පැවැසීය.

මෙම ගමනට විනාඩි 55ක් පමණ කාලයක් ගතවි ඇත.යාපනය ගුවන් තොටුපළේ සිට මුම්බායි, හයිද්‍රාබාද්, කොචිං, බැංගලෝර් දක්වා ගුවන් ගමන් 4 ක්‍රියාත්මක කිරිමට නියමිතය. ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ආරාධනයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හෙට (17) යාපනය ගුවන් තොටුපොළ විවෘත කිරීමේ අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගිවීමට නියමිතය.

ගුවන් තොටුපළක් වශයෙන් හෙට (17) විවෘත කිරීමට නියමිතව ඇති පලාලි ගුවන් තොටුපොළට ඊයේ (15) දහවල් ඉන්දියාවේ සිට විශේෂ ගුවන් යානයක් පරික්ෂා කිරීමේ ගුවන් ගමනක් වශයෙන් ළගා විය.  ඉන්දියාවේ චෙන්නායි සිට පලාලි ගුවන් තොටුපොළ වෙතට ඊයේ (15) ළඟාවී ඇති මෙම ගුවන් යානයේ විශේෂඥයින් හා පලාලි ගුවන් තොටුපලේ අධීක්ෂණ නිලධාරින් විසින් ගුවන් තොටුපළේ ධාවන පථය ඇතුළු සෙසු අංග පිළිබඳව පරික්ෂා කිරිමක නිරතව එයාර් ඉන්දියා ගුවන් සේවය අනුබද්ධිත සමාගමක් වන  එලායන්ස් එයාර් චෙන්නායි සිට යාපනය දක්වා සතියකට ගුවන්  වාර තුනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර ඉදිරියේදී යාපනය සිටි නවදිල්ලිය, මුම්බායි හා කොචිං දක්වාද ගුවන් ගමන් ආරම්භ වීමට නියමිතව ඇත.
රුපියල් මිලියන 2250 ක වියදමින් පලාලි ගුවන් තොටුපල පුළුල් කොට මෙසේ සංවර්ධනය කිරිමෙන් පසුව ජාත්‍යන්තර ගුවන් තොටුපලක් වශයෙන් ඉදිරියේදි යොදා ගැනීමට රජය බලාපොරොත්තු වේ.

-මහින්ද නිශ්ශංක-