වංචනිකයන් මිනී මරුවන්, ජාවාරම්කාරයින්ගෙන් සමන්විත නොවන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙ
පොදු ජනතාවගේ පක්ෂය වන බැවින් ජාතිවාදය, ආඥාදායකත්වය, මර්දනය, සොරකම, අවනිතිය රජකරන යුගයකට රට නැවත තල්ලු කිරිමට එම පක්‍ෂයේ කිසිදු පාක්ෂිකයකු සූදානම් නොවනු ඇතැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.සැබෑ ශ්‍රි ලංකා නිදහස්
පාක්ෂිකයෙනි, මන්ත්‍රවරුනි යැයි අමතිමින් නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේද සඳහන් වෙයි.

අප සියලු දෙනාගේ ආදරණීය ශ්‍රී ලංකා නිදහස් පකෂයේ වර්තමාන අදූරදර්ශි නායකත්වය නිසා පක්ෂය සහ පාක්ෂිකයා දැඩි ලෙස අසිරුතාවට පත්ව ඇති මේ අවස්ථාවේ පක්ෂය වෙනුවෙන් මෙතෙක් කල් බොහෝ කැපවිම් කළේ ඔබව  ආමන්ත්‍රණය කිරිම මාගේ බලවත් යුතුකමක් සහ වගකීමක් ලෙස සලකමි. ඒ දශක ගණනාවක් පුරා ඔබත් සමග අපගේ පක්ෂය  ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් කටයුතු කළ මා උද්ගත වී ඇති තත්වය පිළිබඳ දරන මතය කුමක්ද? යන්න
පිළිබඳ ඔබ විශාල උනන්දුවකින් සහ උද්‍යයෝගයකින් පසුවන බව දන්නා බැවිණි.

අපගේ ආදරණීය පක්ෂය වසර 68ක අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියන දේශපාලන පක්ෂයකි. ඒ නිදහසින් පසු අප රටේ වැඩිම කාලයක් පාලන බලය හෙබවූ පක්ෂය වන නිසාම නොව අධිරාජ්‍ය ගැති පාලනයන් විසින් මෑත භූමියේ සැබෑ උරුමක්කාරයන් බැඳ දමා තිබුණු යදමින් සහ රැහැනින් ඔවුන් ගලවා ගැනීමට නායකත්වය ලබා දුන් දේශපාලන  පක්ෂය ද වන බැවිණි. අප පක්ෂයට එසේ  වැඩිම කලක් රාජ්‍ය බලයේ රැඳී සිටිමට හැකි වුයේ අප පක්ෂය ප්‍රඡාතන්ත්‍රවාදය, මිනිස් නිදහස සහ සමානාත්මතාව වෙනුවෙන් පෙනී සිටිය බැවින්ය.

අප පක්ෂය බණ්ඩාරනායකවරුන් යටතේ පාලනය වූ වසර 54ක කාල සීමාව තුළ කිසිදු විටෙක මිනීමැරුම් සිදු නොකළෙමු. ජනතාවගේ වත්කම් සොරකම් නොකළෙමු. සෑම විටම රාජ්‍ය පාලන කටයුතු විනිවිද භාවයකින් යුතුව කිරීමට කැපවී සිටියෙමු. දේශීය ආර්ථිකය නගා සිටුවා මෙරට පොදුජන හිතෛශි ආර්ථික ප්‍රතිපත්ති රාජ්‍ය පාලනය සඳහා අනුගමනය කරනු ලැබුවේ ද ශ්‍රී ලංකා නිදහස් පකෂ රජයන් විසිනි.
අපි අගමැතිවරු බිහි කළෙමු.  ජනාධිපතිවරු බිහි කළෙමු. පොදු ජන නායකයින් බිහි කළෙමු.

මෙරට වරප්‍රසාද නොලත් පොදුජනතාව ආර්ථිකමය වශයෙන්, දේශපාලන වශයෙන් මෙන්ම අධ්‍යාපනික වශයෙන් ද සන්නද්ධ කිරිමට කටයුතු කළෙමු. එවැනි සුවිශාල කර්යභාරයක් ඉටු කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිදහසින් පසු පැවැත් වූ සියලු මැතිවරණවලට ඉදිරිපත් විය. එහෙත් ඉතිහාසයේ ප්‍රථමවරට, තව නොබෝ දිනකින් මෙරට හත්වන විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමට පැවැත්වෙන තීරණාත්මක ජනාධිපතිවරණය සඳහා අප පක්‍ෂයෙන් අපේක්‍ෂකයෙක් ඉදිරිපත් කර ගන්නට නොහැකි වී තිබේ.

ජනාධිපතිවරණ ඉතිහාසයේ පැවැති ජනාධිපතිවරණ හතෙන් හතරක් ඍජුව ජයග්‍රහණය කර ගැනීමට අප පක්‍ෂයට හැකි විය. 1994 පැවැති තුන්වැනි ජනාධිපතිවරණයේ දී වසර 17කට පසුව පක්‍ෂයට රාජ්‍ය බලය ලබාදී ලෝකයේ ජනාධිපතිවරණයකදී වැඩිම ඡන්ද ප්‍රතිශතය ලබා ගත් නායකයින් දෙදෙනාගෙන් එක් අයෙකු බිහි කිරීමට ද අප ආදරණිය පක්ෂයට හැකි විය.

එවැනි ප්‍රතිශකයක් ලබා ගත් අනෙක් ලෝක නායකයා වුයේ දකුණු අප්‍රිකාවේ නෙල්සන් මැන්ඩෙලාය. ජයග්‍රහණය කර ගැනීමට නොහැකි වූ ජනාධිපතිවරණ තුනෙන් 2015 පැවති ජනාධිපතිවරණයේ දී ප්‍රධාන ප්‍රතිවාදී අපේක්‍ෂකයන් වුයේ අප පක්ෂයේම ලේකම් සහ සභාපතිවරයායි. එහිදී පක්ෂ ලකුණ  සභාපතිවරයා සතු වුව ද පක්ෂය ප්‍රතිපත්ති සහ සැබෑ පාක්ෂිකයා සිටියේ පක්ෂය  මහලේකම්වරයාගේ පර්ශවයේය. ඒ අනුව ගත් කළ අප පක්ෂය පරාජයට පත් වුයේ ජනාධිපතිවරණ දෙකක් පමණි.

එවැනි ජයග්‍රාහී පයක පසු කාලීනව නායකත්වය ලබා ගත් ආඥාදායක නායකයකු පරාජය කොට ප්‍රජ්‍යතන්ත්‍රවාදය ප්‍රතිස්ථාපනය කිරීම වෙනුවෙන් 2015 ජනාධිපතිවරණයේදී මෙරට පොදු ජනතාව ජීවිත අවදානම් නොතකා නායකත්වය ගත්ත ද හැට දෙලක්ෂයක ජනවරමින් බලයට පත්වු නායකයා තම පෞද්ගලික අවශතා සඳහා අද වන විට පක්ෂය නැවත කුමන්ත්‍රණකරුවන්ට පවා දී තිබේ.

පක්ෂ නිර්මාතෘවරයාගේ සිට බිම මට්ටමේ සාමාජිකයන් දක්වා පක්ෂය ක්‍රියාකාරින් දහස් ගණනකගේ ජීවිත පවා පුජා කොට රැකගත් පසු ක්‍රියාකාරිකයින් ලක්ෂ ගණනකගේ ලේ, කදුළු දහදියෙන් පෝෂණය වු පක්ෂය අද වන විට පත්ව තිබෙන ඉරණම පිළිබඳ සිත් යොමු කරන සෑම මොහොතකම ඔබගේ මෙන්ම මගේ හදවත ද නිහඩව වැළපෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය යනු වංචනිකයන්, මිනීමරුවන්, ජාවාරකංකාරයින්ගෙන් සමන්විත පක්ෂයක් නොවේ.

එය මෙරට තැලෙන පැගෙන පොදු ජනතාවගේ පක්ෂයයි. ජාතිවාදය. ආඥාදායකශ්වය, මදනය, මත්සාරකම, අවනීතිය රඡකරන යුහයකට ර නැවත තල්ලු කිරීමට කිසිදු ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයකු සුදානම් මනමැති බව මම දනිමි. අප පක්ෂය අතීතයේ සිටම ප්‍රජාතන්ත්‍රවාදය ඉතා ඉහළින්ම අගය කළ පක්ෂයකි. පක්ෂ නිර්මාතෘවරයා තම ජීවිතය පූජා කළේද සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අනේකවිද නින්දා අපහාස දුක්ගැහැට වින්දේ ද ඔබ වැනිම අහිංසක සැබෑ පාක්ෂිකයන් දහස් ගණනක් ජීවිත පුජා කළේ ද ඒ වෙනුවෙනි.

එබැවින් පක්ෂයේ ආසන සංවිධායකවරුන් 95%කගේ විරෝධය නොතකා ඉතා අතළොස්සක් වන අවස්ථාවාදී නායකයන් පිරිසකගේ පෞද්ගලික බලලෝභී අපේකෂාවන් මුදුත්පත් කරගැනීම වෙනුවෙන් පක්ෂයේ සදාදරණීය නායිකා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ දහ නව වන ගුණානුස්මරණය යෙදී තිබු ඉකුත් ඔක්තෝබර් 10 එන දිනයේදීම පක්ෂය ගිවිසුමක් මඟින් කුමන්ත්‍රණකරුවන් පිරිසකට පවරා දී පක්සය විනාශ කිරීමට ගන්නා උත්සාහය සාර්ථක වීමට ඉඩ නොතැබිය යුතු ය.ඒ සඳහා ඔබ සියලු දෙනා එළඹෙන ජනාධිපතිවරණයේදී වඩා බුද්ධිමත්ව කටයුතු කරන මෙන් ඉල්ලා සිටිමි.

වසර 17ක් පුරා ඔබ අප සියලු දෙනා විඳි අප්‍රමාණ හිරිහැර පීඩාවලින් මිදී අසරණව සිටි පක්ෂය වඩාත් ජව සම්පන්නව ජයග්‍රහණය කිරිමට 1994 දී නයකත්වය ගත්තක් මෙන්, මේ තිරණාක්මක අවස්ථාවේදී ද අප පක්ෂය ප්‍රතිපත්ති ආරක්‍ෂා කරගෙන පක්ෂය රැක ගැනීම වෙනුවෙන් ඔබ විසින් හුදකලාව ආරම්භ කර තිබෙන සවනට ඔබට සහයෝගය ලබා දෙමින් පක්ෂය රැක ගැනීම සඳහා දිවිහිමියේන් කැපවන බවද  ප්‍රකාශ කරමි.