https://www.gossiplankanews.com/2019/10/mahinda-adheesha-grade5.html#more
මෙවර 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් දිවයිනේ පළමු දෙවන තෙවන ආදී වශයෙන් ස්ථාන ලබාගත් සිසු දරුවන්  ප්‍රසිද්ධ නොකිරීමට රජය තීරණය කර තිබුණි.
එයට හේතුවූයේ අනවශ්‍ය ලෙස තරගකාරී මානසිකත්වයක් කුඩා දරුවන්ට ආරෝපණයවීම වැළැක්වීමටය. මීට කලකට පෙර ජනපතිවරයා හා අධ්‍යාපන ඇමතිවරයා ශිෂ්‍යත්ව විභාගය නවතා දමන්නටද
යෝජනා කළේ මේ හේතු මතය. කෙසේ වෙතත් අවසානයේ තීන්දුවී ඇත්තේ ලබන වසරේ සිට පහේ ශිෂ්‍යත්ව විභාගයට කැමති අයට පමණක් ඉදිරිපත්වී කළ හැකි විභාගයක් කරන්නටය.
මෙවර 2019 ශිෂ්‍යත්ව විභාගයෙන්

පළමුවැනියන් කවුදැයි ප්‍රසිද්ධ නොකළ නමුත් ලකුණු 199 ක් ලබාගත් ගල්ගමුව සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ
අදීශ නෙතුම් සිසුවා පළමු වැනියා බවට විභාග දෙපාර්තමේන්තුවෙන් නොව ප්‍රාදේශීය වාර්තාකරුවන් සැපයූ තොරතුරු ඔස්සේ ප්‍රධාන මාධ්‍ය තුළින්ද ඔහු ගැන විස්තර පෙර පරිදි ප්‍රසිද්ධ විය.

රජය රහසක් වශයෙන් තබාගන්නැයි කියූ දෙයක් කඩකරමින් එලෙස ප්‍රසිද්ධ කිරීම මාධ්‍ය ආචාර ධර්ම කඩකිරීමක් වුවද ඒ ගැන කිසිවෙකු ගැටලු මතු නොකළේ සිසුවාගේ දක්ෂතාව ඇගයීම යුතුකමක් වන බව කල්පණා කරගෙනයි.

මෙම ප්‍රසිද්ධ නොකිරීම දඩමීමා කරගෙන ඇතැම් ෆේස්බුක් පිටුවල දකුණින් පළමුවැනියා උතුරින් පළමු වැනියා ලෙස වැරදි රූප යොදා ව්‍යාජ පෝස්ටුද පළවිය.
කෙසේ වෙතත් පළමුවැනියන් 10 දෙනාට වෙනදා මෙන් ජනපති හමුවීමේ අවස්ථාව ලැබුණාද රටවල්වල යාමට අවස්ථාව ලැබුණාද යන්න ගැන කිසිවක් මාධ්‍ය තුළින් ප්‍රසිද්ධ වූයේ නැත.

මේ අතරවාරයේ මෙවර පළමුවැනියා බව පැවසෙන ගල්ගමුවේ අදීශ නෙතුම් සිසුවා දෙමාපියන් සමග පැමිණ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ හමුවූ බවටත් ඡායාරූපයකට පෙනී සිටි බවටත් වාර්තාවක් පළව තිබේ. නිකවැරටියේ වාර්තාකාරිණියක අද දින පුවත්පත්වලට යොමු කර තිබෙන එම ඡායාරූපය හා විස්තරය පහත පරිදිය.