https://www.gossiplankanews.com/2019/10/nissanka-senadhipathi-arrested.html
සුගිය කාලයේ ආන්දෝලනයක් ඇති කළ ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති  සිංගප්පූරුවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ මධ්‍යම රාත්‍රී 12.25ට පමණ කටුනායක ගුවන්තොටුපලේදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
යාපාහෙට්ටි පතිරන්නැහැලාගේ
නිශ්ශංක යාපා සේනාධිපති යන අය

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහුට එරෙහිව විභාග වන නඩු කිහිපයකින් එකක විදෙස් ගමන් තහනම් කරමින් නීති පනවා තිබියදී ඔහු විදෙස් ගතවීම හේතුවෙනි.

ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් කරන ලද අධිකරණ නියෝගයක් මත මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර සිංගප්පූරුවේ සිට SQ 468 දරණ ගුවන් යානයෙන් ඔහු පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට ගෙන ඔහුව කොළඹ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත වැඩිදුර පරික්ෂණ සඳහා රැගෙන ගොස් ඇත.

මොහු මීට මසකට පමණ පෙර සිංගප්පූරුවේ රෝහලක සිටියදී මොහු සම්බන්ධ එක් නඩුවකින් නිදොස් කොට නිදහස්වූ අතර ඊට ආසන්න දිනකදී එරට සිට වීඩියෝ මාර්ගයෙන් හිටපු අල්ලස් කොමසාරිස් දිල්රුක්ෂි මහත්මිය සම්බන්ධ ආන්දෝලනාත්මක හඬ පටයක්ද නිකුත් කළේය. ඉන් පසු ඇයට එරෙහිව පරීක්ෂණ ඇරඹීම නිසා සේවයෙන් ඉවත්වීමට පවා ඇයට සිදුවිය.