https://www.gossiplankanews.com/2019/10/nagananda-kodithuwakku-silence.html
සුගිය කාලයේ සමාජ මාධ්‍ය තුළ ආන්දෝලනාත්මක චරිතයක් බවට පත්වෙමින් 'නාගා2020' යනුවෙන් පූර්ව ප්‍රචාරණයකද නිරතවූ නාගානන්ද කොඩිතුවක්කු මහතා මෙවර ජනපති තරගයේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වනු ඇතැයි බොහෝ අය සිතා සිටියද ඔහු අද (6) දහවල් 12 අවසන්වූ ඇප මුදල් තැන්පත් කරන අවස්ථාව දක්වා සිය නම ස්වාධීනව හෝ පක්ෂයක් හරහා ඉදිරිපත් කළේ නැත.
ඒ අනුව ඔහු මෙවර
ජනපතිවරණයට ඉදිරිපත් වන්නේ නැත.
ඔහු පසුගිය මාස ගණනාවක් තිස්සේ සමාජ මාධ්‍ය තුළ ජනපති අපේක්ෂකයෙකු වන බවට නිරන්තරයෙන් අදහස් පළ කළ අතර රූපවාහිනී නාලිකාවල සංවාද සදහාද එක් විය. ඔහු අධිකරණයේ දූෂිත තත්වයන් ගැනත් මහින්ද රාජපක්ෂ හා රනිල් වික්‍රමසිංහ සම්බන්ධිත

විවිධ දූෂණ සිදුවීම් ගැනත් නොබියව අදහස් ප්‍රකාශ කරන්නෙකු ලෙස කැපී පෙනිණි.
ඔහුට ජනපතිවරණයට තරග කරන්නට එංගලන්ත පුරවැසිකම බාධාවක් බව ප්‍රකාශවී තිබුණද එම බාධාව ඉවත්වූ බවටද ඔහු විසින්ම මාධ්‍ය හමුවක් කැදවා පසුගිය සතියේ දන්වා සිටියේය. කෙසේ වෙතත් ඔහුට තර්ජන තිබුණ බවටත් ඔහුගේ නිවසේ සුනඛයා පවා වසදී මරාදමා තිබුණ බවටත් ඔහු පසුව කරුණු දක්වා තිබුණි.
මීට සති කිහිපයකට පෙර නාගානන්ද හා රොහාන් පල්ලෙවත්ත එක්වී ජාතික අපේක්ෂකයෙකු වෙත සහය දෙන බවට අදහස් පළවුවද එය වෙනස්ව ගිය අතර පල්ලෙවත්ත දැනටමත් අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සිටී.
නාගානන්ද හා මහේෂ් සේනානායක අතර හමුවක් ගැනද පසුගිය දිනවල වාර්තා පළවූ අතර එයින් අනතුරුව නාගානන්ද මහේෂ්ට සහය පළකරනු ඇති බවට වාර්තා පළවී තිබුණත් එවැන්නක් කිසිවෙකු තවම තහවුරු කර නැත.
කරුණු සලකා බැලීමේදී නාගානන්ද මහතා කිසිවෙකුගේ බලපෑම මත තරගයට ඉදිරිපත් නොවූයේද යන්න සැක මතුවේ.
ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුම් වල සිටින පාඨකයින් ජනපතිවරණයට නොඒම ගැන කරන ප්‍රශ්න කිරීම් වලට ඔහු පිළිතුරු සපයා නැත.
ශ්‍රී ලංකාව නැවත සකස්විය යුතු ආකාරය ගැන සිත්ගන්නා සුළු කතා පවත්වා තිබෙන නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු අලුත් ව්‍යවස්ථාවක් ගැනද කරුණු ඉදිරිපත් කර තිබෙන අයෙකි.