ජනපතිවරණයට ඇප මුදල් තැන්පත් කිරීම අද 6 වැනි ඉරිදා දහවල් 12 වනවිට අවසන් විය.
මෙවර ජනපතිවරණය සදහා ඊයේ වනවිට 33 දෙනෙකු ඇප තැන්පත් කර තිබූ අතර අද අවසන්
මොහොතේ 8

දෙනෙකු ඇප මුදල් තැන්පත් කිරීම නිසා එම සංඛ්‍යාව 41 දක්වා ඉහළ ගියේය. මෙම සංඛ්‍යාව ලංකාවේ ඉතිහාසයේ වැඩිම තරගකරුවන් පිරිසක් එක්වන ජනපතිවරණය ලෙස ඉතිහාස ගතවනු ඇත.
මේ අතර අද ශ්‍රීලනිප නියෝජනය කරමින් කිසිවෙකු ඇප තැන්පත් නොකළ නිසා මෙවර ශ්‍රීලනිප තරගයට එක්නොවන බව දැන් පැහැදිලි වී තිබේ.
ප්‍රභාකරන්ගේ මස්සිනා ලෙස සැලකෙන MK ෂිවාජිලිංගම් හා හිටපු සන්ධාන මන්ත්‍රී හා හිටපු නැගෙනහිර ආණ්ඩුකාර MAM හිස්බුල්ලාද අද ඇප තැන්පත් කළ අය අතර සිටින බව වාර්තාවේ.